April 20, 2024

කාන්තාව සිප ගත් නැවියා මරුට  

දෙවන ලෝක යුද සමයේ දී ගත් ප්‍රසිද්ධ ඡායාරූපයක්වන කාන්තාවක් සිප ගනිමින් සිටින නැවියෙකුගේ ඡායාරූපයෙහි සිටි නැවියා පසුගිය දා මරණයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

86 හැවිරිදි ග්ලෙන් මැක්ඩෆී නමැති එම පුද්ගලයා සාත්තු සේවා නිවසක දී මරණයට පත් ව තිබේ.

එම ප්‍රසිද්ධ ඡායාරූපය අමෙරිකාවේ ටයිම්ස් චතුරශ්‍රයේ දී ගත් ඡායාරූපයක්වන අතර දෙවැනි ලෝක යුද්ධ සමයේ අමෙරිකාව ජපානය පරාජය කිරීමේ පුවතත් සමග ප්‍රීතියෙන් පිනා ගිය අමෙරිකානු නැවියෙක් ආගන්තුක කතක් සිප ගන්නා ආකාරය එහි දැක් වේ.

අල්ෆ්‍රඩ් අයිෂන්ෂ්ටෙඩ් විසින් ගන්නා ලද එම ඡායාරූපය ඉන් සතියකින් අනතුරු ව ටයිම්ස් සඟරාවේ පළ වී ඇත.

කෙසේ වුව ද එම ඡායා රූපයේ හමුවන නැවියා මැක්ඩෆී බව හඳුනාගත්තේ මීට වසර 06 කට ඉහත දී ය.

හූස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ චිත්‍ර ශිල්පී ලුයිස් ගිබ්සන් විසින් 80 හැවිරිදි මැක්ඩෆී කොට්ටයක් සිප ගැනීමට සලස්වා ගන්නා ලද ඡායාරූප 100 ක් පමණ අධ්‍යනය කිරීමෙන් අනතුරු ව එම ඡායාරූපයේ සිටින්නේ මැක්ඩෆී බව තහවුරු කර ඇත.

Rate this item
(0 votes)