April 25, 2024

මහජන බැංකුව හා එටිසලාට් එක්වෙයි

ශ්‍රී ලංකාවේ පුළුල්තම ශාඛා ජාලයට උරුමකම් කියන මහජන බැංකුව මිලියන (04)කට වැඩි එටිසලාට් පාරිභෝගික පිරිසක් බලගන්වමින් ඔවුන්ට වැඩි පහසුකමක් ලබාදෙමින් මොබයිල් බෑංකින් සේවාව එටිසලාට් ජාලය හා එක් කරයි.

ඒ අනුව මහජන බැංකුවේ ගිණුම් හිමියන්ට බැංකුවකට යන කාලය  ඉතිරි කර ගනිමින් තම එටිසලාට් ජංගම දුරකතනයෙන් #488# ඇමතීමෙන් යන එන අතර මග තමන්ට අවශ්‍ය බැංකු සේවාවන් දැන් ලබාගත හැක. 

මේ ඔස්සේ ගිණුම් ශේෂය පරීක්ෂා කිරීම, විමසීම්, මුදල් හුවමාරු කිරීම, චෙක් පොත් සහ ගිණුම් ප්‍රකාශන ඉල්ලුම් කිරීම, ජලවිදුලි හා ගෘහස්ථ උපයෝගීතා බිල්පත් ගෙවීම ඇතුළු සේවාවන් රැසක් මහජන බැංකු ගනුදෙනුකරුවන්ට මේ ඔස්සේ ලබා ගත හැකිය.

ලියාපදිංචි හෝ වාර්ෂික ගාස්තු කිසිවක් අය නොකරන මෙම සේවාව මගින් ගනුදෙනුකරුවන්ට තමන් කොතනක සිටියත් එටිසලාට් ජාලය ඔස්සේ තම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව හා කාර්යක්ෂමව සිදුකර ගත හැකි බව මහජන බැංකුව පවසයි.

දෙපාර්ශවය හා එකඟතා ගිවිසුම පසුගියදා මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී එටිසලාට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් සහ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී එන්. වසන්ත කුමාර් යන මහත්වරුන් අතර අත්සන් කෙරුණි. 

Rate this item
(0 votes)