April 25, 2024

මිරිදිය මසුන් අලෙවි සැලක්

මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය අලෙවි කිරීමේ නව ක්‍රමවේදයක් ලෙස නුවරඑළිය, ග්‍රෙගරි වැවෙන් අල්ලාගත් අලුත් මසුන්, බැදපු මාලු ලෙසින් දෙස් විදෙස් සංචාරකයන්ට අලෙවි කිරීමේ ජංගම අලෙවි සැලක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සමෘද්ධි සංගමය සහ නුවරඑළිය මහ නගර සභාව මේ නව වැඩපිළිවෙළ සඳහා සහය ලබා දී ඇත. දිවි නැඟුම ව්‍යාපෘතිය යටතේ හිමි වූ ඩිමෝ බට්ටා ජංගම රථය තුළ මේ අලෙවි සැල ක්‍රියාත්මක වේ. නුවරඑළියේ "අරුණළු ග්‍රාමීය ධීවර සමිතිය" මෙහි ඍජු ප්‍රතිලාභීහු වෙති.

මිරිදිය පොකුණුවලින් ලබාගන්නා අලුත් මාලු මේ අලෙවිසැල වෙත ඍජුව ඉදිරිපත් කළ හැකි අතර 150කට ආසන්න මිරිදිය ධීවරයන් පිරිසක් මේ සඳහා සිය දායකත්වය සපයා ඇත. 

 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 12 April 2014 09:57