March 28, 2024

එස්එල්ටී අලුත් වැඩක් අරඹයි

අධිවේගී පුඵල් පරාස Broadband තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම්, ආකාස නමින් නව Cloud Computing සේවාවක් අරඹයි.

ලොව පුරා මහා පරිමාණ ව්‍යාපාරවල සිට සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දක්වා ව්‍යාපාරික ආයතන සිය පිරිවැය අවම කර ගනිමින් කාර්යක්ෂමතාව නංවා ගැනීම සඳහා මෙම Cloud Computing යොදා ගන්නා බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඔවුන්ගේ නව ක්‍රමවේදය හරහා ව්‍යාපාරික ආයතනවලට විශාල දත්ත ගබඩා කිරීමේ පහසුකම්, තාක්ෂණික නිළධාරීන් හා මිළ අධික මෘදුකාංග භාවිත නොකර තම ආයතනවලට අවශ්‍ය පරිඝණක පද්ධති පවත්වා ගෙන යාමේ පහසුව සැලසේ.

 

Rate this item
(0 votes)