April 24, 2024

ජාතික ගොවි සතිය මාතරට

ජාතික ගොවි සතිය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය මෙවර මාතර, තෙලිජ්ජවිල කෘෂිකර්ම සංකීර්ණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 09 සිට 15 දක්වා පැවැත්වීමට නියමිතය. 

මෙවර ජාතික ගොවිසතිය කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය මාතර දිස්ත‍්‍රික්කයේ පැවැත්වීමට ලැබීම ආශිර්වාදයක් බවත් එමඟින් මාතර දිස්ත‍්‍රික්කයේ දැනට වගා නොකරන, අත්හරින ලද සෑම බිම් අඟලකම කුමන හෝ වගාවක් කිරීමට බලාපොරොත්තු වන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසී ය. 

එසේම එම භූමියට උචිත බෝග වාගා නිශ්චය කර වගා කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන, යටිතල පහසුකම් සහ යෙදවුම් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන අතර තෙත් කලාපයට අයත් විශේෂිත වී වර්ග වගා කිරීම, ආරක්ෂිත ගෘහ තුළ බෝග වගා ප‍්‍රචලිත කිරීම හා පැරණි වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම මෙවර ගොවි සතියේ දී ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් වේ.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ශ‍්‍රවනාගාරයේ දී පැවති දිවි නැඟුම වැඩසටහන යටතේ මාතර දිස්ත‍්‍රික්කයේ හොඳම ගෘහ ආර්ථික ඒකක සඳහා ත්‍යාග ප‍්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි. 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 April 2014 11:15