April 25, 2024

ඉසුසු වාහන සඳහා වට්ටමක්

ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළත් කල්බදු පහසුකම් ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව හා සතොස මෝටර්ස් සමාගම එක්ව ප‍්‍රවර්ධන වැඩසටහනක් අරඹා ඇත. 

ඉසුසු ට‍්‍රක්රථ, කැබ්රථ සහ බස්රථ මාදිලි සඳහා මෙම ප‍්‍රවර්ධන වැඩසටහන පැවැත්වෙන අතර එම කාලයේදී සතොස මෝටර්ස් වෙතින් කොමර්ෂල් බැංකුවේ කල්බදු පහසුකම් මත මිලදී ගන්නා ඉසුසු ට‍්‍රක්රථ සඳහා රුපියල් 50,000 ක් සහ ඉසුසු බස්රථ සඳහා රුපියල් 100,000 ක අවම වට්ටමක් පිරිනැමේ. 

තවද මෙම පැකේජය සඳහා සතොස මෝටර්ස් විසින් වැඩකුලී රහිත නඩත්තු සේවා හයක් ලබාදීමට කටයුතු කර ඇත.

මෙහිදී මිලදී ගන්නා වාහන වෙනුවෙන් සතොස මෝටර්ස් වැඩපොළෙහි නඩත්තු කිරීමේ කොන්දේසිය මත එන්ජිම සඳහා කිලෝ මීටර් 100,000 ක වගකීමක් ලබා දේ.

Rate this item
(0 votes)