April 24, 2024

මයික්‍රොසොෆ්ට් ස්ටාර්ට් මෙනුව නැවත ගෙනෙයි

වින්ඩෝස් මෘදුකාංගයේ තිබෙන ස්ටාර්ට් බට්න් (Start button) එක නැවත ඉදිරියේ දී පැමිණෙන වින්ඩෝස් මෘදුකාංගවලට ඇතුළත් කරන ලෙස විශාල පිරිසක් මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ඉල්ලීම් කර තිබේ.

අලුත් ස්ටාර්ට් මෙනුව වින්ඩෝස් 7 (Windows 7) සහ වින්ඩෝස් 8 (Windows 8) සංකලණයක් ආකාරයෙන් එළි දක්වන බව මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

වින්ඩෝස් 7වල තිබූ ස්ටාර්ට් මෙනුව තිබූ ආකාරයට ම අනාගත වින්ඩොස් මෘදුකාංගවල ද ස්ටාර්ට් මෙනුව ඒ ආකාරයෙන් පවතින බවත් ලයිව් ටයිල්ස් (Live Tiles) ආකාරයෙන් ද එය දිස්වන බවත් එම සමාගම ප්‍රකාශ කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 April 2014 11:31