April 25, 2024

මහජන බැංකුවෙන් අවුරුද්දට විශේෂ ණයක්

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමය නිමිත්තෙන් මහජන බැංකුවෙන් එක් දිනයක් තුළ ලබා ගත හැකි විශේෂ ණය පහසුකම් ලබා දී ඇත.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ස්ථිර සේවයේ නියුතු පුද්ගලයින් වෙනුවෙන් හඳුන්වා දී ඇති එම දීමනාව මගින් රුපියල් 10,000 ක් දක්වා එක් ඇපකරුවෙක් මත ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව සලසා දී ඇති බව මහජන බැංකුව පවසයි.

එම ණය පහසුකම මාස 12 ක නැවත ගෙවීමේ පදනම මත ලබා ගත හැකි අතර රුපියල් 10,000 ක ණය මුදල් සඳහා ගෙවිය යුතු මාසික ණය වාරිකය රුපියල් 9,025 කි.

එම දීමනාව අ‍ප්‍රේල් 30 වැනි දා දක්වා ක්‍රියාත්මකවන අතර ළඟ ම ඇති මහජන බැංකු ශාඛාවට අවසන් මස වැටුප් පත්‍රිකාව ඉදිරිපත් කිරීමෙන් එම දීමනාව හිමි කර ගත හැකි ය.

Rate this item
(0 votes)