March 29, 2024

මර්චන්ට් බැංකුව වෙනස් වෙයි

ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව තවත් අනුබද්ධ සමාගම් දෙකක් සමඟ එක්ව නව මූල්‍ය සමාගමක් ලෙස පිහිටුවීමට සැළසුම් කර ඇතැයි වාර්තා වෙයි.

ලංකා බැංකුවේ සියයට 72ක කොටස් හිමිකාරත්වයක් ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සතුව ඇත. 

දිවයිනේ සංස්ථාපනය කොට ඇති බැංකු හා මූල්‍ය සමාගම් ප්‍රමාණය අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කරන ලද ප්‍රධාන සැලැස්මේ එක් අංගයක් වන මෙම වැඩපිළිවෙළ යටතේ MBSL Savings Bank Limited හා MCSL Financial Services යන සමාගම් දෙක ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සමඟ ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇත.

මෙම ආයතන තුනම ඒකාබද්ධ කොට නව මූල්‍ය සමාගමක් පිහිටුවීමට නියමිතයි.

 

Rate this item
(0 votes)