April 19, 2024

CEAT ටයර් ප්‍රවර්ධනයට නව යන්ත්‍ර

CEAT ටයර් සමාගම සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින අතර කැලණියේ පිහිටි සිය නිෂ්පාදනාගාරයේ ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර ස්ථාපිත කර තිබේ.

ටයර් නිපදවීමේ නව යන්ත්‍රෝපකරණ පද්ධතිය සඳහා රුපියල් මිලියන 600 ක මුදලක්  වැය කර ඇති අතර එම යන්ත්‍රය මගින් ටයර් නිෂ්පාදනය 70% කින් ඉහළ නැංවීමට හැකියාව පවතින බව වාර්තා වේ.

මේ වනවිට සියැට් ටයර් මසකට 23,000ක් නිෂ‍්පාදනය කරන අතර එය 39,000 දක්වා වැඩි කිරීම එම සමාගමේ අපේක්ෂාවයි.

ශ්‍රී ලංකාවේ ටයර් ඉල්ලුමෙන්  50% කට වැඩි ප්‍රමාණයක් සියැට් සමාගම විසින් සපුරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 April 2014 10:20