April 20, 2024

රජයේ සංවර්ධන වැඩපිළිවෙලට සමගාමිව මහජන බැංකුවේ අස්වැන්න ණය වැඩසටහන නුවරඑළියට

රජයේ සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව යළි ස්වයංපෝෂිත රටක් බිහිකිරීමේ සරු බලාපොරොත්තුව වෙනුවෙන් මහජන බැංකුව හඳුන්වා දී ඇති අස්වැන්න ණය පහසුකම්  පිරිනැමීම පසුගියදා නුවරඑළිය කඳපොළ ප්‍රදේශයේදි මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මේ යටතේ කෘෂිකාර්මාන්තයටල සත්ව පාලනයට, මල් වගාවට, දියර කිරි නිෂ්පාදනයට, බීජ හා අමුද්‍රව්‍ය මිලදී ගැනීමට, යටිතල පහසුකම් සංවර්ධනයට ණය මුදල් ප්‍රදානය කෙරිණි.

මීට අමතරව කාන්තා ව්‍යවසායිකාවන් බලගැන්වීමේ අරමුණින් මහජන බැංකුව හඳුන්වා දී ඇති වනිතා සවිය ණය පහසුකම්ද මෙදින ගනුදෙනුකාරිනියන් වෙත පිරිනැමිණි. එමෙන්ම මහජන බැංකුවේ අස්වැන්න ඉතුරුම් හා ආයෝජන ගිණුම් ආරම්භ කළ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු මුදල් භාර ගැනීමද සිදුවිය. ඔවුන් වෙනුවෙන් එසැණින් ඩිජිටල් තාක්ෂණයට අස්වැන්න ගිණුම් විවෘත කිරිම ද සිදුවිය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) ක්‍රිෂානි නාරංගොඩ, සහකාර සාමාන්‍යාධිකාරි (සුඵ හා මධ්‍ය පරිමාණ) වික්‍රම නාරායන, නුවරඑළිය  ප්‍රාදේශිය කළමනාකාර ඕ. කේ. ආර්. ඩී වසන්ත, සහකාර ප්‍රාදේශිය කළමනාකාර කේ. චන්ද්‍රකුමාර්, නුවරඑළිය ශාඛා කළමනාකාර  ඒ. එම්. ඩබ්ලිව්. අනුර කුමාර යන මහත්වරුන් ඇතුඵ පිරිසක් සහභාගි විය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2020 13:11