March 29, 2024

මහජන බැංකුවේ 59 වැනි සංවත්සර ආගමික වැඩසටහන් මාලාව

මහජන බැංකුව ස්ථාපිත කර ජුලි 01 වන දිනට පනස් නව වසරක් සැපිරිණි. ඒ වෙනුවෙන් ආගමික වැඩසටහන් මාලාවක් මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට මහජන බැංකු බෞද්ධ සංගමය, හින්දු සංගමය, මුස්ලිම් මජ්ලීසය හා කිතුනු එකතුව කටයුතු කරන ලදි. 

ඒ අනුව, මහජන බැංකු බෞද්ධ සංගමය සංවිධානය කළ මහා පුණ්‍යෝත්සවය ජුලි මස 3 සහ ජුලි මස 4 දෙදින තුළ මහජන බැංකු මූලස්ථාන ශාඛාවේදි පැවැත්විණි. මේ යටතේ ජුලි මස 03 දින මහා පිරිත් සජ්ඣායනයක් හා රතන සූත්‍ර දේශනාවක් පැවැත්වුනු අතර, පසුදින උදෑසන මහා සංඝරත්නය විෂයෙහි හීල දානය පිරිනැමිණිග එමෙන්ම මහජන බැංකු හින්දු සංගමය, මුස්ලිම් මජ්ලීසය හා කිතුනු එකතුව සංවිධානය කළ ආගමික වැඩසටහන ජුලි මස 06 වන දින ප්‍රධාන කාර්යාලයීය තෙවන මහලේදි පැවැත්විණි. 

රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම මහජන බැංකුව පිහිටුවීමේලා පුරෝගාමී වූ සියලූ නායකයින්ට, අතීත සහ වත්මන් කාර්ය මණ්ඩලයට ආශිර්වාද පතා මෙන්ම කොවිඞ් 19 වසංගත තත්වයෙන් ලෝකවාසින්, රටවාසීන්, සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරින් ආරක්ෂා වී එම තත්වය ඉක්මනින් දුරු වේවායි ප්‍රාර්ථනා කරමින් පැවති මෙම ආගමික වැඩසටහන් සඳහා මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුඑ ආයතනික හා විධායක කළමනාකාරිත්වය බැංකු කාර්ය මණ්ඩලය හා විශ්‍රාමික සේවක පිරිස්ද සහභාගි විය. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2020 13:13