March 28, 2024

ස්වයංපෝෂිත රටක සරු බලාපොරොත්තු වෙනුවෙන් මහජන බැංකුව අස්වැන්න ණය යෝජනා ක‍්‍රමය දියත් කරයි

රජයේ සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව යළි ස්වයංපෝෂිත රටක් බිහිකිරීමේ සරු බලාපොරොත්තු වෙනුවෙන් මහජන බැංකුව හඳුන්වා දී ඇති අස්වැන්න ණය යෝජනා ක‍්‍රමය යටතේ ණය පහසුකම් ලබාදීම ආරම්භ කිරීම ගම්පහ දිස්ති‍්‍රක්කයේ දුනගහ ප‍්‍රදේශයේදි මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ හා වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි එම්.ඒ බොනිෆස් සිල්වා යන මහත මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.


මෙහිදි කුඹුරු ඉඩම් මිලදි ගැනීමට, කෘෂිකාර්මික කටයුතු සඳහා බීජ හා අමුද්‍රව්‍ය මිලදී ගැනීමට, යාන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට, යටිතල පහසුකම් සංවර්ධනයට, පශු සම්පත් පාලනයට ණය මුදල් ප‍්‍රදානය කෙරිණි. මීට අමතරව මහජන බැංකුවේ අස්වැන්න ඉතුරුම් හා ආයෝජන ගිණුම් ආරම්භ කළ කෘෂි, අනෙකුත් වගා කටයුතු සහ පශු සම්පත් වල නිරත වූවන්ට පාස්පොත් පිරිනැමීමද සිදුවිය.


මෙම අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) කේ.බී රාජපක්ෂ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) රේණුකා ජයසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) කි‍්‍රෂානි නාරංගොඩ, සහකාර සාමාන්‍යාධිකාරිනි (සංවර්ධන මූල්‍ය) යූ.එස් ගර්ටි, සහකාර සාමාන්‍යාධිකාරි (සුඵ හා මධ්‍ය පරිමාණ)  වික‍්‍රම නාරායන, සහකාර සාමාන්‍යාධිකාරි (අලෙවිකරණ) ඒ.යූ.ඒ අන්සාර්, ගම්පහ ප‍්‍රාදේශිය කළමනාකාර නලින් පතිරගේ යන මහත්ම මහත්මීන් ඇතුඵ රාජ්‍ය නිලධාරින්, ගොවිජන සේවා නිලධාරින්, ගොවි සමිති නිලධාරින් ඇතුඵ පිරිසක් සහභාගි විය.


අතීතයේ සිටම කෘෂි ආර්ථිකයක් ඔස්සේ ගොඩනැගැනු ශී‍්‍ර ලාංකිය ජන සමාජය තුළ සුඵ හා මධ්‍ය පරිමාණයේ කෘෂි, ධීවර, අනෙකුත් වගා කටයුතු සහ පශු සම්පත් වල නියැලි පිරිස සැලකිය යුතු අගයක් ගනී. මෙම පිරිස ශී‍්‍ර ලාංකීය ආර්ථිකය සඳහා ලබාදෙන්නේද සුවිසල් දායකත්වයකි. එබැවින් රජයේ සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව ඔවුන්ට මූල්‍යමය වශයෙන් ශක්තියක් වී ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමේ අරමුණින් මහජන බැංකුව අස්වැන්න ණය යෝජනා ක‍්‍රමය හඳුන්වා දෙන ලදි.


මේ යටතේ කුඹුරු ඉඩම් මිලදි ගැනීමට, කෘෂිකාර්මික කටයුතු සඳහා බීජ හා අමුද්‍රව්‍ය මිලදී ගැනීමට, ඉඩම් හා යාන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට, යටිතල පහසුකම් සංවර්ධනයට, ධීවර කටයුතු සහ ඒ සඳහා අවශ්‍ය බෝට්ටු මිලදී ගැනීමට, පශු සම්පත් පාලනය හා අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා වන මූල්‍ය පහසුකම් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු යොදා තිබේ. මේ පිළිබඳව වැඩි විස්තර ඔබගේ් ළඟම මහජන බැංකු කළමනාකාර මහතා හෝ මහත්මිය හමුවී ලබාගත හැක.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 13 October 2020 13:28