April 25, 2024

රට වෙනුවෙන් කැපවන IDH රෝහල් කාර්ය මණ්ඩලයට Pay Master වෙතින් නොමිලේ රීලෝඞ්

කොවිඩ් 19 වෛරසයට එරෙහිව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH රෝහල) සේවයේ නියුතු වෛද්‍ය වෘත්තිකයින් , හෙද වෘත්තිකයින් , සාත්තු සේවිකාවන් ඇතුළුව දිවා රාත‍්‍රී සේවා මුරයන් හි යෙදී සිටින රොහල් කාර්ය මන්ඩලයේ සන්නිවේදන අවශ්‍යතා සපුරා ලීම සඳහා Pay Master Solutions ආයතනය ඉදිරිපත්වී සිටී.

කෝවිඞ් 19 රෝගීන් සඳහා නිරන්තර අවධානය යොමු කළ යුතුව ඇති බැවින් IDH රෝහල් කාර්යමණ්ඩලයේ සාමාජිකයින් වැඩි දෙනෙකු තම පවුල් වල සාමාජිකයින් සමග දුරකථන මාර්ගයෙන් වැඩි වශයෙන් සම්බන්ධ වන බැවින් ඒ සඳහා ඔවුන්ට දැරීමට සිදු වන පිරිවැය සහ ඇතැම් විට දුරකථන සේවාව සඳහා අවශ්‍ය රීලෝඞ් පහසුකම් ලබාගැනීම මේ අවස්ථාවේදී පහසු නොවේ. මේ තත්වය පිලිබඳව අවධානය යොමු කළ Pay Master Solutions ආයතනය රෝහල් කාර්ය මණ්ඩලයේ ප‍්‍රයෝජනය සඳහා රුපියල් 250000ක් වටිනා රීලොඞ් පහසුකම් නොමිලේ බලාදීමට පියවර ගෙන ඇත.

ශ‍්‍රී ලංකාවේ සියලූ දිස්ත‍්‍රික්කයන් ආවරණය වන පරිද්දෙන් දැනට පොලිස් ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වන බැවින් ආයතනයන්ට සහ සේවකයින්ට සිය සන්නිවේදන කටයුතු පවත්වාගෙන යෑමේ බාධාවන් මතුව ඇති බැවින් මේ අවස්ථාවේ තම සේවාව අවශ්‍ය  ඕනෑම ආයතනයකට සිය සේවාව ලබා දීමට Pay Master Solutions ආයතනයේ කාර්ය මණ්ඩලය කැපවී සිටින බව තවදුරටත් නිවේදනය කර සිටී. මේ වන විටත් දිවයින පුරා විසිර සිටින පාරිභෝගිකයින් දස දහසකට අධික පිරිසක් සිය දෛනික සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීමට අවැසි රීලෝඞ් පහසුකම් Pay Master යෙදවුම (App) හරහා සිදු කර ගනිමින් සිටී. එමෙන්ම රටේ උද්ගත වී ඇති තත්වය හේතුවෙන් සිය පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා දවසේ පැය 24 පුරාම සිය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑමට Pay Master Solutions ආයතනය මේ වන විටත් කටයුතු කර ඇත.

එමෙන්ම ජාත්‍යන්තරව පිලිගත් සියලූ අන්තර්ජාල ආරක්ෂණ ක‍්‍රමවේදයන්ට අනුකූලව නිර්මාණය කර ඇති Pay Master යෙදවුම ආරක්ෂාකාරී ඔන්ලයින් ගෙවීම් සඳහා වන ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශීත පිළිවිතරයන්ට අනුකූලව නිර්මාණය කර ඇත.

සිංහල , දෙමළ සහ ඉංග‍්‍රීසි යන භාෂා ත‍්‍රිත්වයෙන්ම සේවා සපයන Pay Master යෙදවුම (App) පිළිබඳව වැඩි විස්තර www.paymasterapp.com යන වෙබ් අඩවිය ඔස්සේ ද ලබා ගත හැක.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 12 April 2020 21:16