April 24, 2024

විශ‍්‍රාම වැටුප් ලබා ගැනීමට මහජන බැංකුවට ආ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුවිශේෂි සේවාවක් (PHOTOS)

දිවයිනේ පවත්නා තත්වය තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ‍්‍රාම වැටුප් ගෙවීමට රජය විසින් තීරණය කළ අද (2) සිය විශ‍්‍රම වැටුප් ලබා ගැනීම සඳහා දිවයින පුරා මහජන බැංකු ශාඛාවන් වෙත පැමිණි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුවිශේෂි හා සෞඛ්‍යාරක්ෂිත සේවාවක් ලබාදීමට මහජන බැංකුව කටයුතු කරන ලදී.

ඒ අනුව ආරක්ෂක අංශවල ද සහයෝගය ඇතිව ශාඛාවන් වෙත පැමිණෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අතර අවම මීටරයක පරතරයක් තබා ගැනීම සඳහා කටයුතු යොදා තිබිණි. තම වාරය එනතුරු බැංකු ශාඛාව ඉදිරිපස රැඳී සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිරු එළියෙන් ආරක්ෂිත වීම සඳහා තාවකාලික ආවරණයන්ද සකසා තිබිණි.

සෑම ශාඛාවක් හා ස්වයං බැංකුකරණ ඒකක තුළම දෑත් සෝදා පිරිසිදු කර ගැනීමේ පහසුකම හා දෑත් පිරිසිදු කිරීමේ සංවේදීකාරක තබා තිබිණි. මහජන බැංකුවේ නිලධාරින් සහ ආරක්ෂක නිලධාරින් ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම් කළ අතර, කාර්ය මණ්ඩලය මුඛ ආවරණ පැළඳ සෞඛ්‍යාරක්ෂිතව සිය සේවාවන් සැපයීය.

සියලූම ශාඛාවන් හා ස්වයං බැංකුකරණ ඒකකවල සෞඛ්‍යාරක්ෂිතව ඉහළින් පවත්වාගෙන යාම සඳහා විශේෂයෙන් පුහුණු කළ සනීපාරක්ෂක සේවකයින්වද යොදා තිබිණී. මහජන බැංකුවේ මෙම වැඩපිළිවෙල පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශේෂ පැසසුමටද ලක්විය.

අපේ‍්‍රල් මස 3 සහ 6 යන දිනයන්හිද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ‍්‍රාම වැටුප් ලබාදීමට මහජන බැංකුව පියවර ගෙන ඇති අතර එම දිනවලදීද කාර්යක්ෂම සහ සෞඛ්‍යාරක්ෂිතව සේවාවක් ලබා දීමට මහජන බැංකුව පියවර ගෙන ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2020 13:32