March 28, 2024

මහජන බැංකු සමූහයෙන් සහ මහජන බැංකු විශ‍්‍රාමිකයින්ගේ සංගමයෙන් කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට මූල්‍ය පරිත්‍යාගයන්

කොවිඞ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ශක්තිමත් කිරීම සඳහා මහජන බැංකු සමූහය සහ මහජන බැංකු විශ‍්‍රාමිකයින්ගේ සංගමය විසින් මූල්‍යමය පරිත්‍යාගයන් ලබාදීම ජනාධිපති කාර්යාලයේදී 2020 මාර්තු මස 31 වැනි දින සිදුකෙරිණි. මේ සඳහා වන චෙක්පත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා වෙත ලබාදෙන ලදි. 


මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධීකාරි බොනිෆස් සිල්වා, පිපල්ස් ලීසිං හා ෆිනෑන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධීකාරි සබ්රි ඊබ‍්‍රාහිම්, මහජන බැංකුවේ විශ‍්‍රාමිකයින්ගේ සංගමයේ සභාපති හර්ෂලාල් ජයවර්ධන, ලේකම් විජයසිරි මිහිªකුලසූරිය හා භාණ්ඩාගාරික එම්.ජේ.පී ගුණවර්ධන යන මහත්වරුන් සහභාගි වූහ.

කොරෝනා හෙවත් කොවිඞ් 19 වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසුකිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ස්ථාපිත කරන ලද සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට මහජන බැංකු සමූහය සහ මහජන බැංකු විශ‍්‍රාමිකයින්ගේ සංගමය මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරන ලද්දේ, රට තුළ හදිසි තත්වයක් මතුව ඇති අවස්ථාවක සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය දිරිගැනීමට දායකත්වය ලබාදීමෙන් ශී‍්‍ර ලාංකිකයන්ගේ ජීවිත නගාසිටුවීම දිවයිනේ ප‍්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් ලෙස සිය වගකීමක් ලෙස සලකමිනි. ඉදිරියටත් මෙම හදිසි තත්වයෙන් මිදී නැවත ගොඩනැගීමේ කි‍්‍රයාවලියේදි ශී‍්‍ර ලංකා රජයට හා ශී‍්‍ර ලාංකිකයින්ට සිය උපරිම දායකත්වය හා සහයෝගය ලබාදීමට මහජන බැංකුව ඇපකැපවී සිටී.

 

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 01 April 2020 10:09