April 18, 2024

මහජන බැංකුවේ ටෙලර් යන්ත්‍රය ගෙයින් ගෙට යයි

කොරෝනා වසංගත තත්ත්වය නිසා පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ රජයේ හා පෞද්ගලික අංශයේ බැංකු සේවා සීමාසහිතව ක්‍රියාත්මක වන අතර , අපහසුතාවයට පත් බැංකු පාරිභෝගිකයින් වෙනුවෙන් " මහජන බැංකුව " විසින් ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සේවාවක්  ගම්පහ නගරයට ආසන්න අතුරු ප්‍රදේශවලදී ඊයේ (29) දවස පුරා පැවැත්විණි.

ඒ අනුව ගම්පහ නගරය⁣ට ආසන්නයේ පිහිටි ගම්පහ අස්ගිරිය ඇනිකට් පාර , යක්කල බෝගමුව , මල්වතුහිරිපිටිය , ඉඹුල්ගොඩ යන ප්‍රදේශවලදී පැවැත්වු බව මහජන බැංකුවේ ගම්පහ ප්‍රදේශීය කළමනාකරු නලීන් පතිරණගේ මහතා පැවසීය . 

මහජන බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය උපදෙස් හා මඟ පෙන්වීම යටතේ මෙම කටයුත්ත සිදු කෙරෙන බවද  මහජන බැංකු ගම්පහ ප්‍රාදේශීය කළමනාකාරවරයා වැඩිදුරටත් කීය.

රජය විසින් ක්‍රියාත්මක කරන ඇඳිරි නීතිය බලපැවැත්වෙන  කාල සීමාව පුරා මෙම සේවාව ගම්පහ දිස්ත්‍රික්කය පුරා පැවැත්වෙන බවද , මහජන බැංකුව ඇතුළු ඕනෑම රජයේ හා පෞද්ගලික බැංකුවල පවත්වා ගෙන යන ඉතිරිකිරීමේ ගිණුම් වලින්  රුපියල් ලක්ෂය දක්වා වූ මුද්ල ආපසු ගැනීම් හා තැන්පත් කිරීම් , ජල , විදුලි , දුරකථන ආදී ඕනෑම බිල්පතක් ගෙවීමේ පහසුකම පූර්ණ ආරක්ෂාව යටතේ සිදු කිරීමට ජනතාවට හැකි බවද හෙතෙම වැඩිදුරටත්  කීය.

ඒ අනුව අද (30 ) දිනයේදී මහජන බැංකුවේ මෙම ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සේවාව මීරිගම  හා අඹේපුස්ස ආශ්‍රිත ප්‍රදේශ අතුරු මාර්ග වලදී ක්‍රියාත්මක වන බවද මහජන බැංකු ගම්පහ ප්‍රාදේශීය කළමනාකාර නලීන් පතිරණගේ මහතා කීය.

මෙම සේවාව ගම්පහ දිස්ත්‍රික් තදාසන්න ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීම සදහා මහජන බැංකුවේ ගම්පහ සහකාර ප්‍රාදේශීය කළමනාකරු ජේ.ඩී.ආර්.ගුණතිලක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයක් එක්ව සිටී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2020 13:34