April 20, 2024

LAUGFS Gas පාරිභෝගිකයින් හට විශේෂ දැනුම්දීමක්

මෙරට දැනට පවත්නා වාතාවරණය යටතේ වුවද පාරිභෝගිකයා හට අවශ්‍ය L.P ගෑස් ලබා දීමට ලාෆ්ස් ගෑස් සමාගම සියලු කටයුතු යොදා ඇත. මේ වන විටත් දිවයින පුරා ක්‍රියාත්මක වන ලාෆ්ස් ගෑස් බෙදාහැරීම් නියෝජිත මධ්‍යස්ථානයන්හි මෙන් ම  8000කට අධික අලෙවි නියෝජිත ජාලය තුල අවශ්‍ය තරම් ගෑස් තොග සමාගම විසින් රඳවා ඇති අතරම රජය මඟින් මේ වන විට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය හමුවේ වුවද විශේෂ අවසරයක් යටතේ ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය ගෑස් සංචිත බෙදාහැරීම් නියෝජිත ස්ථානයන් දක්වා ප්‍රවාහනය කරමින් සිටි.

ආසියානු කලාපයේ විශාල L.P ගෑස් ගබඩා සංකීර්ණයකට හිමිකම් කියන ලාෆ්ස් සමුහ ව්‍යාපාරය හම්බන්තොට වරාය තුළ මෙට්‍රික්ටොන් 30,000ක  L.P ගෑස් තොග රැඳවිය විය හැකි ගබඩා පර්යන්තයක් හරහා මෙහෙයුම් කටයුතු සිදු කරන අතර මාබිම පිරවුම් පර්යන්තය මෙට්‍රික් ටොන් 3,250ක ගබඩා ධාරිතාවයක් සහිතව මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි . ඒ හරහා මෙරට පාරිභෝගික අවශ්‍යතාවයන්ට සරිලන ආරක්ෂිත තොග ප්‍රමාණවත් වශයෙන් පවත්වා ගෙන යන අතර දැනටමත් මුළු ලංකාවම ආවරණය වන පරිදි ප්‍රාදේශීය බෙදාහැරීමේ නියෝජිතයන් හරහා ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු ලාෆ්ස් ගෑස් සමාගම විසින් සිදු කරමින් පවතී.

එමනිසා පාරිභෝගිකයා හට අනවශ්‍ය කලබලයකින් තොරව තමාට අවශ්‍ය සිලින්ඩර, අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් හිඟයකින් තොරව දිවයින පුරා විසිරී සිටින ලාෆ්ස් ගෑස් සමාගමේ අලෙවි නියෝජිතයන්ගෙන් ලබා ගැනීමේ හැකියාව ඇත . එබැවින් ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් ගෑස් ඉගියක් පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු අතර වැඩිදුර තොරතුරු 0114 427 427 අංකය අමතා ලබා ගත හැක.

Rate this item
(0 votes)