April 23, 2024

කොළඹ කොටස් වෙළෙඳපොළ මිනිත්තු 30කට නවතී

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (10) පෙරවරුවේ මිනිත්තු 30ක කාලයකට අත්හිටුවා ඇතැයි වාර්තා ‌‌වේ.

ඒ අනුව අද පෙරවරු 9.42 සිට පෙරවරු 10.12 දක්වා කාලය තුළ සාමාන්‍ය ගනුදෙනු සිදු වි නොතිබූ බව වාර්තා විය.

මීට හේතු වී ඇත්තේ S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනය සාපේක්ෂව 5%ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ යාමයි.

දිනය තුළ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ ගියහොත් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතිය ස්වයංක්‍රීයවම මිනිත්තු 30 ක කාලයක් සඳහා අඩාල වනු ඇති.

කෙසේ වෙතත් අද පෙරවරු 10.12 ට නැවත කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වූ අතර එහිදී පෙරවරු 10.20 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 188.34 කින් හා S&P SL20 දර්ශකය ඒකක 122.97 කින් පහළ ගොස් තිබුණි.

මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව පිළිවෙලින් 3.52% ක හා 4.96% ක පහළ යාමක් ලෙසින් වාර්තා වේ.

Rate this item
(0 votes)