April 19, 2024

ව්‍යාපාර විශ්වාසනියත්වය මාස 51 පසු වාර්තාගත ලෙස ඉහලට

වීල්සන් ව්‍යාපාර විශ්වාසනීයත්ව දත්තවලට අනුව ‍ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශ්වාසනීයත්වය ඉතා ඉහළ මට්ටමකට ගොස් තිබේ.

2015 සැප්තැම්බර් මාසයෙන් පසු මෙම දත්ත මෙසේ ඉහළ ගිය පළමු අවස්ථාව මෙය වේ.

බදු අඩු කිරීම, අගය මත එකතු කළ බද්ද වැට් 15% සිට 8% දක්වා අඩු කිරීම මෙන්ම රජයේ වියදම් අඩු කිරීම හා පෙනෙන්ට තිබෙන වෙනස් වීම ඊට හේතු වී තිබේ.

බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ‍ව්‍යාපාර විශ්වාසනියත්වය ඉහළ යෑමට නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තීන් බලපා තිබෙන බව වාර්තා වේ.

මේ වන විට රට තුළ ව්‍යාපාරිකයන්ට හා ආයෝජකයන්ට හිතකර පරිසරයක් ඇති වී තිබෙන බව ‍ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්ගේ අදහස වී තිබේ.

නව රජය සහ ජනාධිපතිවරයා යටතේ මෙරට ව්‍යාපාරික පසුබිම සුබදායක අතට හැරෙනු ඇති බව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මතයයි.




Rate this item
(0 votes)