March 29, 2024

ජාත්‍යන්තරයේ නවතම දේශීය සන්නාමය " මොරටු ලී " ජනගත කරයි

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ සංකල්පයක් අනුව බිහි වූ ජාත්‍යන්තරයේ දේශීය නව සන්නාමය ලෙස " මොරටු ලී " සන්නාමය ජනතාව හමුවේ එළිදැක්වීමේ උළෙල පසුගියදා මොරටුව NAITA ආයතන පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

ජාත්‍යන්තර වෙලඳපලේ ශ්‍රී ලාංකීය තේ සඳහා පමණක් ගොඩනැගී ඇති වෙළඳ සන්නාමය මොරටුව ප්‍රදේශයේ නිශ්පාදනය වන ඉතා උසස් තත්වයේ දැව භාණ්ඩ සඳහාද ලබාගැනීමේ මූලික පියවර වශයෙන් මොරටුව සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සමඟ ඒකාබද්ධව සිදුකරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ මෙම " මොරටු ලී " නම් සංකල්පය තුලින් ඉතා උසස් ප්‍රමිතියෙන් යුත් දැව භාණ්ඩ සඳහා ජාත්‍යන්තර වෙළඳපල විවෘත කර ඒ තුලින් වඩු කාර්මිකයා ශක්තිමත් කර මේ රටේ කීර්ති නමය මෙන්ම රටේ ආර්ථිකය වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම උත්සව අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටිගේ මහතා, මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය හිරාන් අමරසේකර මහතා ඇතුලු විද්වතුන් රැසක් සේම මොරටුව ප්‍රදේශය ආශ්‍රිත වඩු කර්මාන්තයෙහි යෙදෙන පිරිස් විශාල ප්‍රමාණයක්ද සහභාගී වන ලදී.

Rate this item
(0 votes)