April 20, 2024

VTA - සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා ආයතනය සමඟ අත්වැල් බැඳ ගනී

February 26, 2020

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා ආයතනය අද දින (26) යෙදුනු සුබ මොහොතින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදි.

පුද්ගලික ආරක්ෂක කර්මාන්තයේ සේවය කරන පුද්ගලික ආරක්ෂක නිලධාරීන් සහ එම ක්ෂේත්‍රයට යොමු වීමට නියමිත අය සඳහා රැකියා ගත වීමට පෙර විධිමත් පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාවක් නොමැත.එම හඳුනාගත් අවස්ථාවන් සපුරාලීම සඳහා පහත සඳහන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මත කිරීම මෙහි ප්‍රමුඛතම අරමුණ වේ.

  • Private Security Officer Training Course
  • Train-The-Trainer on Private Security Training
  • Security Management & Consultancy Course

 එමඟින් මෙම ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතුවූවන්ට හා රැකියා ගතවන්නන්ට විධිමත් පුහුණුවක් හා සහතිකකරණය ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්ධිත සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා ආයතනය මඟින් සිදු කිරීම මෙම අවබෝධතා ගිවිසුම මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

Rate this item
(0 votes)