February 18, 2020

ශ්‍රී ලාංකීය සමාගමක් අන්තර්ජාල දැන්වීම් කලාව උඩුයටිකුරු කරයි

ව්‍යාපාර ලෝකය තුළ අද වඩාත් කාර්යයක්ෂම, පහසු, ලාභදායීම මෙන්ම ඵලදායීම අලෙවිකරණ සහ ගනුදෙනුකරණ මාධ්‍යය අන්තර්ජාලය බවට පත්ව අවසන්ය. ඒ අන්කිසිවක් නිසා නොව ගතවන සෑම තත්පරයකටත් වඩා අඩු කාලයකයදී අන්තර්ජාලයට එක්වන අන්තර්ජාල පරිශීලිකයින්ගේ ප්‍රමාණයේ ඉහළ යෑම හේතුවෙනි.

අද මේ මොහොත වන විට ලොව අන්තර්ජාලය භාවිතා කරන පිරිස (Internet Users) 4,470,094,000 ඉක්මවා ගොස් ඇත. එය ප්‍රතිශතයක් ලෙස ලෝක ජනගහණයෙන් 57%කට වැඩි ප්‍රතිශතයකි. 2016 වසරේ සංඛ්‍යා ලේඛනවලට අනුව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය භාවිත කරන පිරිස 6,087,164 කි. එය ප්‍රතිශතාත්මක අගයක් ලෙස ගත් කළ 29.3%කි. මෙය ගත වන සෑම තත්පර 37කට වරක්ම ඉහළ යමින් පවතී.

මෙලෙස ලොව සෑම තත්පරයකටත් අඩු කාල සීමාවකදී ඉහළ යමින් පවතින අන්තර්ජාල පරිශීලීකයින් (Users) භාවිතා කරන්නේ අන්තර්ජාලයේ ඇති ඉඩ  හෙවත් වෙබ් අවකාශය (Space) යි. මෙය අප නොදන්නා කෙනෙකුට පැහැදිලි කිරීමට සරල උපමාවකින් කියනවා නම් අන්තර්ජාල අවකාශය (ඉඩ) මහ පොළවේ ඇති ඉඩම්වලට ආදේශ කළ හැකි වුවත් මහපොලොවේ සහ අන්තර්ජාලයේ ඉඩ අතර ඇත්තේ අහසට පොළව මෙන් වෙනස් තත්වයකි. 
මුදල් ඉපයීමේ අසීමිත හැකියාවක්
එසේම ව්‍යාපාරික වශයෙන් ගත් කළ අන්තර්ජාලයේ නිසි ලෙස ආයෝජනය කළ වෙබ් අවකාශයක (ඉඩ ප්‍රමාණයක) ඇති වටිනාකමත් ඉන් මුදල් ඉපයීමේ ඇති හැකියාවත් අසිමීතය. එය පොලොවේ ඇති ඉඩම් මිලට වඩා සිය දහස් ගුණයකින් ඉහළ යයි. අද ලොව දැවැන්තම අන්තර්ජාල ව්‍යාපාර වන ගූගල්, ෆේස්බුක් වැනි බිලියන, ත්‍රිලියන ගණන් ආදායම් වාර්තා තබන ව්‍යාපාරවල සාමාන්‍ය පුද්ගලයෙකු එතරම් නොපෙනෙන මූලික පදනම සහ උපාය මාර්ගය මෙයයි.
වෙබ් අඩවි නාමයකට යටත් කළ වෙබ් අඩවි අවකාශකය (ඉඩක) වටිනාකම තීරණය වන මූලිකම මිනුම් දණ්ඩ වන්නේ එම වෙබ් අවකාශයට ඇතුල්වන සහ එය භාවිතා කරන පරිශීලකයින් ප්‍රමාණයයි. මෙය අප තොරතුරු තාක්ෂණයට අනූව හදුන්වන්නේ වෙබ් ටැෆික් ලෙසයි. අද ගූගල් සහ ෆේස්බුක් ලොව වටිනාකමින් ඉහළම වෙබ් අඩවි සහ ව්‍යාපාර දෙක බවට පත්ව ඇත්තේ මේ නිසාය.
මෙම සමාගම්වල මූලිකම සහ ප්‍රධානම ආදායම් මාර්ගය තම වෙබ් අවකාශය "වෙළඳ දැන්වීම් අවකාශයක්" ලෙස ව්‍යාපාර හෝ යම් අලෙවියක්, ප්‍රචාරණයක් බලාපොරොත්තු වන සහ අවශ්‍ය පිරිස් වෙත විකිණීමයි. ඊට අදාළ වෙළඳපොළ ලෙස ඔවුන් පෙන්වන්නේ තම වෙබ් අවකාශය භාවිතා කරන පරිශීලකයින් (users) ප්‍රමාණයයි. ඔවුන් තම වෙබ් අවකාශය තුළ ලබාදෙන එම ඉඩ ප්‍රමාණය වෙබ් අවකාශ නීර්ණයන්ට අදාළව පික්සල් (pixels) වලින් (මීටර්, සෙන්ටිමීටර් වැනි මිනුම් ක්‍රමයක්) ලබාදෙයි.
වෙබ් අවකාශය තුළ ව්‍යාපාරකරණයේ ඇති අභියෝගය

මෙය අප සරල ව්‍යාපාරික භාෂාවෙන් පැහැදිලි කර දෙනවා නම් මෙසේ කිව හැක. ඔබ කෙතරම් හොඳ පහසුකම් වලින් සමන්විත සුපිරි වෙළඳ සැලක් නිර්මාණය කළද එයට භාණ්ඩ අලෙවි කරුවන් සහ පාරිභෝගිකයින් නොපැමිණෙන්නේ නම් වැඩක් නැත. එසේම අලෙවිකරුවන් පැමිණ භාණ්ඩ අලෙවි කිරීමට සැරසුනද ඊට පාරිභෝගිකයින් නොපැමිණෙන්නේ නම් ඒත් වැඩක් නැත. අද වෙබ් අවකාශය තුළ ව්‍යාපාරකරණයේ ඇති අභියෝගය සහ වැදගත්ම කාරණය මෙයයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ විකිණීම සඳහා වෙළඳ දැන්වීම් පලකිරීමට ලුහුඬු වෙළඳ දැන්වීම් වෙබ් අඩවි ඇතුලු ව්‍යාපාරික වෙබ් අඩවි බොහෝ ප්‍රමාණයක් බිහි වී ඇත. එහෙත් ඒ කිසිඳු වෙබ් අවකාශයක ඇති දැන්වීම් ප්‍රචාරණ අවකාශය (ඉඩ) තමන්ට යළි යළිත් විකුණා අසිමිතව මුදල් ඉපයීමේ අවස්ථාවක් මෙම කිසිඳු වෙබ් අඩවි ව්‍යාපාරයක නොමැත.
ව්‍යාපාරිකයාටත් පාරිභෝගිකයාටත් එකම තැනක
එසේම ඔබේ දැන්වීම නරඹන ස්ථිර පාරිභෝගිකයින් පිරිසක් මේ කිසිවක නැත. එපමණක් නොව ඔබ මුදල්වලට ලබාගෙන අන්තර්ජාලයේ ගෙවා දමන ඩේටා (හුවමාරු වන දත්ත) වලට වටිනාකමක්, මුදලක් ලැබෙන ක්‍රමයක් මෙතෙක් ශ්‍රී ලංකාව තුළ තිබුණේ නැත. එහෙත් මෙම සියලු තාක්ෂණික සහ ව්‍යාපාරික අභියෝග ජයගනිමින් ව්‍යාපාරිකයාටත් පාරිභෝගිකයාටත් එකම තැනක එක ලෙස තමා ගනුදෙනු කරමින් වැඩි ලාභයක් ‍රිසිසේ ඉපයිය හැකි වෙබ් අවකාශයක් නිර්මාණය කොට හඳුන්වා දීමට I.C.A.N Holdings සමාගම යටතේ ඇති ආයතනයක් වන I.C.A.N. Advertising පුද්ගලික සමාගම සමත්ව ඇත. ඔවුන් වසර 5ක් වැනි කෙටි කාලයක් තුළ තම වෙබ් දැන්වීම් අවකාශය ගනුදෙනුකරුවන් 50,000කට ආසන්න පිරිසකට අලෙවිකොට ඔවුන්ට ‍රිසිසේ මුදල් ඉපයීමේ ඉඩකඩ විවර කොට ඇත. ඒ එම සමාගමට අයත් www.bannercuts.com "බැනර් කට්ස් ඩොට් කොම්"වෙබ් අඩවිය හරහායි.

මෙහි ඇති වෙන අන්කවර තැනකවත් නැති සුවිශේෂීම වැදගත් කරුණනම් වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ඉඩක් ලබාගනිමින් පුද්ගලයෙකු තම භාණ්ඩ හෝ සේවා දැන්වීම් තුලින් අලෙවිකරණයේ යෙදෙන අතරේ ඔහුට හෝ ඇයට අන් අය පළ කරන වෙළඳ දැන්වීම් නැරඹුවහොත් තව තවත් අමතරව මුදල් ඉපයීමට ඇති හැකියාවයි. එය පුද්ගලයෙකු විසින් ඔවුන්ගෙන් මිලදී ගන්නා වෙබ් දැන්වීම් පළකිරීමට ගන්නා අවකාශයේ ප්‍රමාණය මත තීරණයවේ.
ලියාපදිංචි ස්ථිර ගනුදෙනුකරුවන්  50,000කට ආසන්න පිරිසක්
මේ වන විට ලියාපදිංචි ස්ථිර ගනුදෙනුකරුවන්  50,000කට ආසන්න පිරිසක් සිටින මෙම සමාගමේ වෙබ් දැන්වීම් අවකාශය තුළ පළකරන වෙළද දැන්වීම් සතියකට මිලියන 21ක් නරඹන බවට එම සමාගමේ සංඛ්‍යාලේඛන හෙළිකරයි. මෙයට බොහෝ දෙනා නොදන්නා කමටත්, පහසුවටත් යල් පැන ගිය "ඇඩ් ක්ලික්" ආකල්පය ආදේශ කිරීමට උත්සහ කළද මෙහි නිවැරදි සහ පරිඝණක තාක්ෂණික අර්ථ කථනය මෙයයි.
සාමාන්‍ය ව්‍යාපාරික ලෝකයෙන් උදාහරණයක් ලෙස ගෙනහැර දක්වා නම් මෙම සමාගම තම වෙබ් අවකාශය තුළ සිදුකරන්නේ "සුපිරි වෙළඳ සංකීර්ණයක වෙළඳ කුටියක් ඔබට වසරකට බදුදෙනවා හා සමාන දෙයකි. ඔබ ඔවුන්ගේ එසේ මිලදී ගන්නා වෙළඳ කුටිය තුළ ඔබට ඔබේම නිෂ්පාදනත්, වෙනත් අයගේ නිෂ්පාදනත් පිටින් ගෙන අලෙවි කර හැක.
ඔබට එකතු වන පොයින්ට්ස් කල් පිරුණු විට මුදල්
එසේම මේ වන විට ඔබ මිලදී ගන්නා සෑම භාණ්ඩ ප්‍රමාණයකට සුපිරි වෙළඳ සැල් වලින් ඔවුන්ගේ සාමාජික කාඩ්පත්වලට "පොයින්ට්ස්" එකතු කර එම පොයින්ට්ද අවසානයේ ඔබට මුදල් කරගත හැකි අයුරු ඔබට මෙහිදී ඔබ ඔබේ ඩේටා වැයකොට නරඹන දැන්වීම් වෙනුවෙන් ඔබට එකතු වන පොයින්ට්ස් කල් පිරුණු විට මුදල් කර ලබාගත හැක. මෙම වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්‍රමය මෙතෙක් ශ්‍රී ලංකාවට වෙනත් කිසිඳු සමාගමක් විසින් හඳුන්වා දී නොමැති අතර මේ වන විට මෙය හඳුන්වා දී ඇති ප්‍රථම සහ එකම සමාගම වන්නේ  I.C.A.N Holdings සමාගම යටතේ ඇති  I.C.A.N. Advertising පෞද්ගලික සමාගමයි.

ලොව නවීනම ඩිජිටල් ප්‍රචාරණ ක්‍රමය තුළ නිෂ්පාදකයාත්, අලෙවිකරුවාත්, පාරිභෝගිකයාත් යන පාර්ශව තුනට එකම තැනකදී එක ලෙස වාසි සහ ලාභ ලැබිය ක්‍රමවේදයක් හඳුන්වාදීමට ශ්‍රී ලාංකීය සමාගමකට හැකියාව ලැබීමත් එය නියාමන ව්‍යාපෘතියක සිට ව්‍යාපාරයක් දක්වා වර්ධනය කොට වසර 5කට අධික කාලයක් පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් පවත්වාගෙන යමින් ව්‍යාපාරික සහ පාරිභෝගික යන පාර්ශව දෙකේම ජනතාවට ශක්තියක් වීමත් සමාජ මෙහෙවරකි. එසේම අන්තර්ජාලය පදනම් කොටගත් මෙවැනි නව්‍ය ව්‍යාපාර තුළින් මෙරටින් පිටරටට ප්‍රචාරණයන් සඳහා ගලායන විදේශ විනිමය ඉතිරි කරන අතර මතුදිනෙක ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඉදිරියේ ඔසවා තැබීමට ඉවහල් වනු නොඅනුමානය.
Rate this item
(2 votes)
Last modified on Tuesday, 11 February 2020 19:04