April 23, 2024

ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව නිදහස් සතියේ උපන් දරුවන්ට මහජන බැංකුවෙන් තිළිණ

February 04, 2020

ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික දිනය සමරමින් මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ ජාතික දින සැමරුම් උත්සවය මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රසිත ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණිි.

සෑම වසරකම නිදහස් දිනයට සමගාමිව මහජන බැංකුව ක්‍රියාත්මක කරනු ලබන නිදහසේ උපත වැඩසටහන මෙවරද ක්‍රියාවට නැංවිණි. මේ යටතේ පෙබරවාරි 01 වැනි දින සිට 07 වැනි දින දක්වා සතිය තුළ මෙරට උපත ලබන සෑම  බිලිදෙකු වෙනුවෙන්ම රු 2000/=ක් වටිනා ඉසුරු උදාන තෑගි සහතිකයක්  පිරිනැමීමට මහජන බැංකුව කටයුතු යොදා ඇත.  

නිදහසේ අභිමානය සමරන අතර දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දෙමාපියන් තුළ කිසියම් ඉලක්කගත අරමුණක් ඇති කිරීම තේමා කරගනිමින්් මහජන බැංකුව මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන ලදි. මහජන බැංකු කාර්ය මණ්ඩලය බිලිඳුන් උපන් රෝහල් වෙතම ගොස් මෙම තිළිණ එම දරුවන් වෙනුවෙන් ප්‍රදානය කිරීම මෙම වැඩසටහනේ විශේෂත්වයයි.

මේ වෙනුවෙන් පැවති ප්‍රධාන උත්සවයන් පෙබරවාරි 04 දින උදෑසන බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍ය අධිකාරී රසිත ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී අලූත උපන් බිලිඳුන් වෙනුවෙන් එම දෙමාපියන් වෙත ඉසුරු උදාන තෑගි සහතික හා ත්‍යාගයන් පිරිනමන ලදී. මෙම අවස්ථාවට කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා ඇතුඑ රෝහල් කාර්ය මණ්ඩලය හා මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය ඇතුඑ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ද සහභාගි වුහ.

මීට අමතරව බොරැල්ල ද සොයිසා කාන්තා රෝහල ඇතුඵව අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, යාපනය, කඵතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොණරාගල, නුවරඑළිය, පොළොන්නරුව, පුත්තලම, රත්නපුර, ති‍්‍රකුණාමලය, වන්නි සහ කොළඹ යන දිස්ත්‍රික්කයන් රැසක නිදහසේ උපත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මහජන බැංකුව කටයුතු යොදා තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 February 2020 19:41