April 18, 2024

රජයේ සියළු ඩිජිටල් සේවා හා සම්බන්ධ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති, කළමණාකරනය සහ අධික්ෂණය ICTA ආයතනයට

රාජ්‍ය අංශයේ සියළුම අමාත්‍යංශ හා ආයතන යටතේ ක්‍රියාත්මක වන පොදු ජනතාවට බලපාන සියළු ඩිජිටල් තාක්ෂණික සේවා හා තාක්ෂණ ව්‍යාපෘති  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයයේ කළමණාකාරිත්වය හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල්  කමල් ගුණරත්න මහතා පැවසීය.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ බව සදහන් කළේ ඊයේ (22) පෙරවරුවේදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) කාර්යය මණ්ඩලය අමතමිණි.

මෙහිදී වැඩිදුරටත් කාර්ය මණ්ඩලය ඇමතූ කමල් ගුණරත්න මහතා මෙසේද පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණය ගණු ලැබුවේ රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය වඩාත් ළුලදායී ලෙස ක්‍රියාවට නැංවීම සදහායි. වැඩිම අමාත්‍යංශ ගණනාවක් ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවරා ගනු ලැබුයේ එහි වැදගත් කම හා අවශ්‍යතාව නිසයිජනාධිපතිතුමාගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදී ඇති බවත්  අදාළ ඉලක්ක සපුරා ගැනීමට සියළු දෙනාගේ කැපවීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ලේකම් වරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට නියෝජිතායතනයේ සභාපති ජයන්ත ද සිල්වා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන හාචාර්ය ලලිත් ගමගේ,ආචාර්ය සංජීව වීරවර්ණ රෙෂාන් දේවපුර, වසන්ත දේශප්‍රිය  මනෝරි උනම්බුව යන මහත්ම මහත්මීන් හා ප්‍රධාන විධායක නිලධාරී මහින්ද බී හේරත්   ප්‍රධාන තාක්ෂණ නිලධාරී හිරන්‍යා සමරසේකර මහත්වරු   ඇතුළු  සෙසු නිලධාරීන් ද  මෙම අවස්ථාවට එක්වී සිටියහ.

 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 24 January 2020 09:39