April 24, 2024

"රසෝඝය" සංගීත ප්‍රසංගය ජනවාරි 25 වනදා සවස 6.30 සිට

ගී තිර්ථයක ස්වරානන්දය රසෝඝය ලෙසින් සුභාවිත ගීතයෙන් හැඩ වුණු සංගීත ප්‍රසංගයක් ජනවාරි 25 වනදා සවස 6.30 සිට මහරගම ශ්‍රී ලංකා යූත් හිදී සහෘද රසික ප්‍රජාව වෙත තිලිණ කරන්නට සංවිධානය කොට තිබේ. 

සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස් සහ සුනීර සුමංග යන සංගීතවේදීන්ගේ මියුරු හඬින් රසික හදවත් ආමන්ත්‍රණය කෙරෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන් අතින් හැඩවුණු සංගීතයෙනි. 

රසෝඝය සංගීත ප්‍රසංගය ශ්‍රී ලාංකේය ගීත රසිකයන් හට නවමු අද්දැකීමක් එක් කරන බවට කිසිදු සැකයක් නැත. ටිකට් පත් රුපියල් 750 සිට මිල නියම කොට ඇති අතර ටිකට් පත් සරසවි මහරගම / නුගේගොඩ / Red Baloon මහරගම / කොට්ටාව / සේනාධීර පොත්හල හෝමාගම යන ස්ථාන වලින් මිලදී ගත හැක. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 January 2020 08:53