April 20, 2024

HONDA යතුරු පැදි සමඟ දිනපතා රුපියල් ලක්ෂයක් බැගින් දිනාගැනීමට අවස්ථාවක්

2020 නව දශකයේ සිය පාරිභෝගිකයින් වෙත දිනපතා රුපියල් ලක්ෂය බැගින් පිරිනැමීම සඳහා "HONDA දවසේ ලක්ෂපති " දියත් කරයි. අනගිතම HONDA  යතුරු පැදි මෙරටට ගෙන්වා බෙදාහරින සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර්ස් පුද්ගලික සමාගම වෙතින් පිදෙන නව අවුරුදු තිළිණයක් ලෙස මෙම වැඩසටහන දියත් කර තිබේ. මේ අනුව දිවයින පුරා පිහිටි HONDA  බලයලත් අලෙවි නියෝජිතයින් වෙතින් ඕනෑම  HONDA යතුරුපැදියක් මිලදී ගන්නා  සෑම පාරිභෝගිකයෙකුටම රුපියල් ලක්ෂයක් දිනාගැනීමට අවස්ථාව දිනපතා හිමිවෙයි.

2020 ජනවාරි 16 වනදා සිට මාර්තු 31 දක්වා බලයලත් HONDA අලෙවි නියෝජිතයින් වෙතින් HONDA යතුරු පැදියක් මිලදී ගැනීමේදී  කූපන්පතක් නිකුත් කරන අතර එම කූපන්පත නිවැරදිව පුරවා එදිනම  0117672735 / 0117634735 යන ෆැක්ස් අංකවලට ෆැක්ස් කිරීම මඟින් හෝ කූපන්පතේ පැහැදිලි ඡායාරුපයක් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත ඊමේල් කිරීම මගින්   මුදලින් රැපියල් ලක්ෂයක් දිනාගැනීමේ අවස්ථාව උදාකරගත හැකිය.   එලෙස දිනපතා ලැබෙන කූපන් පත් අතුරින් කුසපත් ඇදීමෙන් එදින ජයග්‍රාහකයා තෝරා ගන්නා අතර ඔහුට හෝ  ඇයට රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් හිමිවෙයි. මෙලෙස දිනපතා සිදුකෙරෙන කුසපත් ඇදීම Honda Sri Lanka  නිල ෆේස්බුක් පිටුව මඟින් සජීවි ව විසුරුවා හැරෙන අතර එම ජයග්‍රහාකයින්ගේ නම්    ගුවන් විදුලි, රූපවාහිනී සහ  පුවත් පත් වල පළ කෙරෙනු   ඇත. මෙලෙස ජයග්‍රහණය ලබාගන්නා ජයග්‍රාහකයින් වෙත අදාල ත්‍යාග මුදල් පිරිනැමීම සෑම සෙනසුරාදා දිනකම කොළඹදී සිදුකෙරේ.

සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි චාරක පෙරේරා මහතා කියා සිටියේ HONDA  සන්නාමය ‍කෙරෙහි පාරිභෝගිකයා තබා ඇති අඛණ්ඩ විශවාසයට කෘත ගුණ දැක්වීමක් වශයෙන් මෙම "HONDA දවසේ ලක්ෂපති " වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි. තවද  පවතින ආර්ථික තත්වය තුල යතුරු පැදියක් මිලට ගන්නා පාරිභෝගිකයෙකුට තමන් ඒ වෙනුවෙන් වැය කල මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් යළි ජයග්‍රහණය කිරීමට හැකිවීම මහත් අස්වැසිල්ලක් වනු ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. ලීසිං පහසුකම යටතේ සාමාන්‍ය  HONDA යතුරු පැදියක් මිලදී ගන්නා පාරිභෝගිකයෙකුට ඒ වෙනුවෙන් වැය කළ මූලික ගෙවීමට වඩා වැඩි මුදලක් මෙහිදී දිනා ගැනීමට අවස්ථාව හිමිවන බවද  හෙතෙම පැවසීය.  තවද HONDA යතුරු පැදියක් මිලදී ගන්නා පාරිභෝගිකයෙකුට මෙම "HONDA දවසේ ලක්ෂපති " වැඩසටහන මඟින් ඉතා පහසුවෙන් ජයග්‍රාහකයෙකු වීමේ අවස්ථාව උදාවන බව සඳහන් කළ චාරක පෙරේරා මහතා කියා සිටියේ දෛනිකව මිලදී ගන්නා යතුරු පැදි ප්‍රමාණය සලකා බැලූවිට  ජයග්‍රහණය කිරීමේ අවස්තාව ඉතා ඉහළ වන  ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස මෙම මෙම "HONDA දවසේ ලක්ෂපති " වැඩසටහන  හැඳින්විය හැකි බවයි.

වසර 1977 සිට  දශක 4කට අධික කාලයක් පුරා මෙරට පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනාගත් සමාගමක් ලෙස   සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර් (පුද්) සමාගම  හැදින්විය හැකිය. ගතවූ කාලය තුළ මිලියන ගණනක ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමේ දී ප්‍රමුඛ මෙහෙවරක් ඉටුකිරීමට සීමාසහිත ස්ටැෆර්ඩ් මෝටර් (පුද්) සමාගම කටයුතු කර ඇති අතර වර්තමානය වනවිට මෙරට පාරිභෝගිකයා අතර අතිශය ජනප්‍රිය යතුරු පැදි රැසක් ගෙන්වා බෙදාහැරීමට කටයුතු කරයි. ඒ අතර මෙරට ඉහළම අලෙවියක් ඇති CB Hornet, CB160X, CB Shine සහ  CD Dream මෙන්ම   Grazia, Activa-I සහ  Dio, ආදී ස්කූටර් පෙළක්ද වෙයි.

Rate this item
(0 votes)