April 19, 2024

Renault KWID Climber Automatic මෝටර් රථය ශ‍්‍රී ලංකාවේ ගමන් අරඹයි

Associated Motorways (Private) Limited සමාගම කවදත් අනාගතයට ඔබින වාහන මාදිලි මෙරටට හඳුන්වා දීමේලා ප‍්‍රමුඛත්වයක් උසුලන වාහන සමාගමකි. එම සමාගම විසින් KWID Climber automatic මෝටර් රථය පසුගිය දා වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබූ අතර මෙය, පිටත පෙනුම සහ සැකැස්ම අතින් බලන කල සම්පූර්ණයෙන්ම වෙනස් මාදිලියේ මෝටර් රථයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. මෙම කාණ්ඩයේ මෝටර් රථ අතර පළමුවරට දැකගත හැකි නව විශේෂාංගයන් 16 ක්  KWID Climber automatic ඇතුළත්ව තිබීම එය එලෙස හඳුන්වාදීමට හේතුවකි . 1000cc  අධිතාක්‍ෂණික එන්ජිමකින් සමගින් උපරිම බලයක් සහ පිරිමැස්මක් ද සහිත මෙම මෝටර් රථයෙහි ඇතුළත වඩාත් ඉඩකඩ සහ සුවපහසුව ඇතිව සකසා ඇත. ස්වයංක‍්‍රීය මාර්ග සහයක (Traffic Assist) විශේෂාංගයකින් සමන්විත විශේෂිත ගියර් පද්ධතිය මෙහි තවත් සුවිශේෂත්වයකි.

නවීනතම ප‍්‍රංශ මෝටර් රථ තාක්‍ෂණය කැටිකොට ගත් Renault KWID Climber automatic මෝටර් රථයේ තවත් විශේෂත්වයක් වන්නේ නාගරික රියදුරන්ගේ පහසුව වෙනුවෙන්ම සැකසූ නවීන විශේෂාංග රැසක් ඇඟිලි තුඩක ස්පර්ෂයෙන් සිදු කර ගැනීමේ හැකියාවයි. power shutters" intelligent traffic assistant mode සහ සුපැහැදිලි රිවස් කැමරාවකින් ද Renault KWID Climber automatic මෝටර් රථය සමන්විත වේ. එමෙන්ම රියදුරුගේ සහ මගීන්ගේ උපරිම ආරක්‍ෂාව ද සහතික කිරීම වෙනුවෙන් වැඩියදියුණු කළ විශේෂාංග රැසක් හදුන්වා දීමටද නිෂ්පාදකයින් කටයුතු කර ඇත. නව ආකර්ෂණීය බඳ හැඩය සමඟ නව පෙනුම, ABS පද්ධතිය, ාdual airbags, high-speed alert iy pre-tension seat belts ආදී විශේෂාංගයන් මීට ඇතුළත් වේ.

Iron man lights සහ U හැඩැති පසුපස LED lights පද්ධතිය නිසා Renault KWID Climber automatic මෝටර් රථය එම කාණ්ඩයේ අනෙකුත් රථ අතර වඩාත්ම නවීන පෙනුමක් හිමි මෝටර් රථය බවට පත්ව ඇත. dual-tone සහ වඩාත් ඉඩකඩ සහිත ඇතුළත කොටස නිසා ගමන්මලූ ආදිය සඳහා සැලකිය යුතු ඉඩක් ඇති නිසා රියදුරුටත් මඟීන්ටත් උපරිම සුවපහසුවක් හිමි වේ.  apple සහ android යෙදවුම් ක‍්‍රියාත්මක කළ හැකි Car play පද්ධතිය 20.32CM touch screen එකකින් සහ voice recognition විශේෂාංගයකින් ද සමන්විත වීම විශේෂතිවයකි. මෙහි ඇතුළත් අනෙකුත් විශේෂාංග අතරට, ඩිජිටල් මීටර් පද්ධතිය, සේවා වාරය සිහිකැඳවීම, 12V power socket සහ fast USB charging පහසුකම ද ඇතුළත් වේ.

1949දී ආරම්භ කළ AMW සමාගම ශ‍්‍රී ලංකාවේ වාහන ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් වන අතර විශිෂ්ට සේවාව සහ ගුණාත්මක නිෂ්පාදන හඳුන්වා දීම හේතුවෙන් වසර 70කට වැඩි කාලයක් පුරා ලාංකික වාහන වෙළඳපොලේ කීර්තිමත් විශ්වාසයක් දිනා ගන්නට සමත්වූ සමාගමකි. Renault වාහන සඳහා ශ‍්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිත ලෙසින්ද කටයුතු කරන AMW සමාගම කවදත් නවීන තාක්‍ෂණය හා මුසු වූ උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් ජනතාවට හඳුන්වා දීමේ පුරෝගාමී කාර්යභාරයක් ඉටු කරයි. උපරිම සුවපහසුවෙන් යුතු අනාගතයට ගැළපෙන වාහන මාදිලි හඳුන්වා දෙන්නට AMW නිරන්තරයෙන් කටයුතු කරයි.

Rate this item
(0 votes)