March 29, 2024

රුපියල ඉහළට

වසර නවයකට පසුව පසුගිය වසරේදී ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ යාමක් පෙන්නුම් කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (6) පැවැසීය.

2018 වසරේදී සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමෙන් පසුව ශ්‍රී ලංකා රුපියල ඉහළ ස්ථාවරත්වයක් පෙන්නුම් කර ඇති බව ද හෙතෙම කීය.

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති ‘ප්‍රතිපත්ති පෙර දැක්ම’ ප්‍රකාශයට පත් කරමින් මහාචාර්ය ලක්ෂ්මන් මහතා ඒ බව සඳහන් කළේය.

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ හිතකර තත්ත්ව හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවට වසර තුළදී සංචිත ගොඩ නැගීම සඳහා විදේශ විනිමය මිලට ගැනීමට හැකි වූ බව ද හෙතෙම කීවේය.

ඉදිරි කාලයේදී අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම, යෝග්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග පැවැතීම, අපනයන අරමුණු කරගත් විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ යෝග්‍ය රාජ්‍ය මූල්‍ය හා මුදල් තත්ත්ව පත්වාගෙන යෑම තුළින් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කෙරෙනු ඇතැයි ද ඔහු කීය.

තරගකාරී විනිමය අනුපාතික පවත්වාගෙන යෑම ද මෙහිදි උපකාරී වනු ඇති බවත් රටේ ගෙවුම් තුලනයේ තිරසර වර්ධනයක් අත්කර ගැනීමට මෙම කරුණු හේතුවනු ඇති බවත් හෙතෙම තවදුරටත් පැවැසීය. 

Rate this item
(0 votes)