April 25, 2024

කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම මගින් ආයෝජකයින් හට වෙළෙඳපොළ තොරතුරු ප්‍රවේශය තවදුරටත් පහසු කරයි

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව විසින් හදුන්වාදී ඇති ජංගම දුරකථන යෙදුමට නැතහොත් Mobile Application යෙදුමට නවතම සංස්කරණයක් එළි දක්වන ලදී.  මේ තුලින් Android  සහ Apple IOS උපාංගවලටද මෙම යෙදුම භාවිතා කිරිමට හැකිවීම නිසා මෙවැනි ජංගම දුරකථන පරිශීලනය කරන්නන් හටද එදිනෙදා ගනුදෙනු කිරිමේදී අවශ්‍ය පහසුකම් මේ හරහා ලබාගැනීමට  අවස්ථාව සලසා දී  ඇත.

නව මුහුණුවරකින්  සහ වැඩිදියුණු කළ අංගයන්ගෙන්  මෙම නවතම යෙදුම යුක්ත වීම නිසා ආයෝජකයින්ගේ අභිරුචිය මත නිවේදන (notifications) ලබාගැනීම, මිල විශ්ලේෂණ මෙවලම් (analytical tools), අධ්‍යාපනික තොරතුරු, පසුගිය වර් ෂයන්හි කොළඹ කොටස් හුවමාරුවෙහි සියලු මිල දර් ශකවල සහ සියලු කොටස්වල අතීත මිල හැසිරීම් රටාවන් මේ හරහා ලබාගත හැක. ආයෝජ්නයේදී ආයෝජකයින්ගේ මධ්‍යම තැන්පතු ගිණුම් (CDS Account) මෙම යෙදුම හරහා පහසුවෙන්  කළමනාකරණය කරගැනීමට හැකිවීමද සුවිශේෂී වේ. සිංහල, දමිල සහ ඉංග්‍රීසී යන භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු ලබාගත හැකි අතර යාවත්කාලින වෙළෙඳපොළ දත්ත එසැනින් ලබාගැනීමේ හැකියාවද  ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවෙහි වෙළෙඳපොළ සංවර් ධන ප්‍රධානි නිරෝෂන් විජේසුන්දර මහතා, “මෙම නවතම සංස්කරණය තුලින් වර් තමාන ආයෝජකයින් සහ නවක ආයෝජකයින්ට අවශ්‍ය තොරතුරු මෙන්ම ආයෝජනයට පිවිසීමේදී   නවක ආයෝජකයින්ට කොටස් ආයෝජනය පහසුවෙන් හැසිරවීම සඳහා අවශ්‍ය වන වටිනා මෙවලම් කිහිපයක් නවතම සංස්කරණයට එකතුකර තිබෙනවා”, යනුවෙන් පැවසීය. සමස්ත වෙළෙඳපොළ දත්ත මෙන්ම එක් එක් කොටස්වල තමන්ට අවශ්‍ය දත්ත පමණක් ලබාගත හැකි බැවින් දැනුවත් ආයෝජන තීරණ ගැනීමේ හැකියාව මේ හරහා ආයෝජකයින් හට සලසා දී ඇති බව එතුමා තවදුරටත්  පැවසිය.  අනිකුත් ඩිජිටල් මාධ්‍ය වලින් මිලදී ගත යුතු තොරතුරු දත්ත, මෙම දුරකථන යෙදුම හරහා නොමිලයේ ලබා ගත හැකි  බැවින්  කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන අරමුණක් වන ආයෝජකයින්ට අවශ්‍ය තොරතුරු නිසි වෙලාවට ඕනෑම තැනක සිට පහසුවෙන් ලබාදීම, ජංගම දුරකථන යෙදුමක්  හරහා සිදුකරගැනීමට හැකිවීම නිසා කොටස් ගනුදෙනු පහසුවෙන් ඉටුකරගැනීමට හැකි වී ඇති බව එතුමා පැවසිය. මේ හදුන්වාදීම  ආයෝජකයින් හට තොරතුරු ලබාදෙන ආකර් ෂණීයතම මාධ්‍යයක්  බවට වර් ධනය වනු  ඇතැයි  විශ්වාස කරන  බව එතුමා තවදුරටත් සඳහන් කළේය.

මෙම සංස්කරණය දැන් Google Play Store හෝ Apple App Store හරහා නොමිලයේ බාගත (download) කරගත හැක.

Rate this item
(0 votes)