March 29, 2024

vivo S1 Pro ජනවාරියේදී ශ්‍රී ලංකාවට

December 31, 2019

-  මෙරට ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo,  සිය නවතම  S1 Pro ස්මාර්ට්ෆෝනය 2020 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැරසෙයි. අති නවීන මෘදුකාංග පද්ධතියකින් සහ අද්විතීය කැමරා පහසුකම් වලින්  vivo S1 Pro ස්මාර්ට්ෆෝනය සමන්විත වේ. ඡායාරූපකරණයේ සුපිරි අත්දැකීම් ලබාදීම සඳහා මෙහි  ප්‍රධාන කැමරාව 48MP ලෙස නිමවා ඇති අතර අනිකුත් කැමරා  පුළුල් කලාපයක් ආවරණය වන පරිදි macro සහ  bokeh අකාරයේ ඡායාරූප ලබාගැනීම සඳහා සකසා තිබේ.  ස්මාර්ට්ෆෝන් ක්ෂේත්‍රයේ පෙරමුණ ගනිමින්  මෙහි ඉදිරිපස කැමරාව 32MP වන ආකාරයට නිපදවා ඇති අතර එමඟින් සුපැහැදිලි විචිත්‍ර සෙල්ෆි ඡායාරූප ගැනීමට අවකාශ සැලසෙයි.

නවීන තාරුණ්‍යයට ගැලපෙන ආකාරයට නිමවා ඇති  vivo S1 Pro ස්මාර්ට්ෆෝනය අති නවීන තාක්ෂණිකාංග රැසකින් සමන්විත වෙයි.  තරුණ තරුණියන් ස්මාර්ට්ෆෝනයකින් අපේක්ෂා කරන සියලු තාක්ෂණික විශේෂාංග වලින් සමන්විත  vivo S1 Pro හි 48MP වන ප්‍රධාන කැමරාව ඊට අවේණික වූ දියමන්ති හැඩය ගත්  විලාසිතාවකට අනුව සකසා තිබිම විශේෂතාවයකි.

අඟල් 6.38 Super AMOLED සම්පූර්ණ තිරයක් සහිත මෙම ස්මාර්ට්ෆෝනය 1080P resolution වලින් සමන්විත වන අතර විවිධ වර්ණ රටා රැසකින් සමන්විත වර්ණ සංයෝජනයකින් යුක්ත වෙයි. මෙම පුළුල් තිරය මඟින් පාරිභෝගිකයින්ට සිනමාත්මක දෘෂ්‍ය අත්දැකීමක් ලබාදෙයි. ඉතා කඩිනමින් ක්‍රියාත්මක කරවීමේ පහසුව සඳහා පුළුල් තිරයෙහි  Fingerprint Scanning පහසුකම සහිතව මෙම ස්මාර්ට්ෆෝනය නිපදවා තිබේ.   Fingerprint Scanning මඟින් ස්මාර්ට්ෆෝනය විවර කිරීමේ ක්‍රියාවලියේදී  ඇනිමේෂන් ක්‍රියාත්මක වන අතර එය විනෝදජනක  අත්දැකීමක් බවට පත් කරනු ඇත.

මෙම නවතම ස්මාර්ට්ෆෝනය පිළිබඳව අදහස් දක්වන  vivo ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි කෙවින් ජියෑං මහතා පෙන්වා දෙන්නේ vivo  විසින් උසස් තත්වයේ ස්මාර්ට්ෆෝන් සපයන බවට පැහැදිලි උදාහරණයක් ලෙස මෙම නවතම ස්මාර්ට්ෆෝනය හැඳින්විය හැකි බවයි. මෙම නවතම  vivo S1 Pro ස්මාර්ට්ෆෝනය  මෙරට තාරුණ්‍යය දෘෂ්‍යමය වශයෙන්  ආකර්ශණය කර ගැනීමට සමත්වනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කළේය. තවද මෙරට තාරුණ්‍යයේ ස්මාර්ට්ෆෝන්  අවශ්‍යතා මැනවින් තේරුම් ගනිමින් අති නවීන තාක්ෂණික විශේෂතා සහිතව ස්මාර්ට්ෆෝන් නිපදවීමට  vivo  තුළ වන උනන්දුව මෙමඟින් යළි තහවුරු කරනු ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

S1 Pro ස්මාර්ට්ෆෝනය  Snapdragon 665 chipset සහ 8GB RAM එකකින් මෙන්ම 128 GB මතක ධාරිතාවකින් සමන්විත වන  අතර එම මතක ධාරිතාව  microSD card මඟින්  256 GB දක්වා තවදුරටත් පුළුල් කිරීමේ පහසුකම් වලින් යුක්ත වෙයි.  4,500mAh ධාරිතාවකින් යුක්ත මෙහි බැටරිය 18W dual-engine පහසුකම යටතේ වේගයෙන් USB-Cable භාවිිතයෙන් ආරෝපණය කර ගත හැකි ආකාරයට නිපදවා තිබේ. 159.25 x 75.19 x 8.68mm වන මෙම ස්මාර්ට්ෆෝනයෙහි බර ග්‍රෑම් 186.7 කි.

Rate this item
(0 votes)