April 20, 2024

ක්‍රෙස්කැට් "නත්තල් සැණකෙළිය" ඇරඹෙයි

December 19, 2019

මෙරට පුරෝගාමී සාප්පු සංකීර්ණයක් වන ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණය  මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් නත්තල් සැණකෙළියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ් අනුව උදාවන නත්තල් උත්සවය සදහා විශේෂ අවස්ථා රැසක් පාරිභෝගිකයින් ‍වෙත ඉදිරිපත් කිරීමට ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණය කටයුතු කර තිබේ. නත්තල් උත්සවය වෙනුවෙන්  ක්‍රෙස්කැට් හි  සෑම වෙළද සැලකින්ම පාහේ  විශේෂ දීමනා රැසක් පිරිනමයි. පාරිභෝගික ජනතාවට උත්සව සමය සඳහා අවශ්‍ය තත්වයෙන් උසස් ප්‍රමිතියේ  රෙදි පිළි, ආභරණ, සපත්තු සහ අනිකුත් අංගෝපාංග මෙන්ම හිසකෙස් සැකසුම් , සම්භාහන සහ ආදී  සේවා  පහසුකම් සියල්ලම එකම වහලක් යටදී ලබාගැනීමට ක්‍රෙස්කැට්හිදී  අවස්ථාව හිමිවනු ඇත.

දීර්ඝ කාලයක් පුරා උසස් තත්වයේ භාණ්ඩ හා සේවා සපයමින් සුපිරි සාප්පු සංකිර්ණයක අත්දැකීම මෙරට පාරිභෝගික ජනයාට පිරිනමමින් සිටින ක්‍රෙස්කැට් මෙවර ද නත්තල් උත්සවය වෙනුවෙන් විශේෂ දීමනා සහ වට්ටම් රැසක් ක්‍රියාත්මක කරයි.  ක්‍රෙස්කැට් නත්තල් සැණකෙළිය දිනපතා පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා ක්‍රියාත්මක අතර කාර්ය බහුල ජීවිතයක් ගත කරන සියලු දෙනාට සතුටින්  නත්තල් සාප්පු සවාරියේ නිරත වීමට මෙහිදී අවස්ථාව  හිමිවෙයි. විවිධ ආහාර පාන අලෙවි සැල් වලින් සමන්විත ආහාර පරිශ්‍රය සහ අනිකුත් එදිනෙදා අවශ්‍යතා සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය පමණක් නොව සාප්පු සවාරියේ නිරත වන අතර  හිසකෙස් සකසාගැනීමට මෙන්ම මෝටර් රිය සෝදා ගැනීම ආදී කටයුතු පවා කර ගැනීමට මෙහි අවස්ථාව  සලසා  තිබේ.

නත්තල් සමය  වෙනුවෙන් විවිධ වෙළඳ සැල් විසින් විශේෂ වට්ටම් සහ වරප්‍රසාද රැසක් ක්‍රියාත්මක කර තිබේ. ඒ් යටතේ   70% දක්වා වූ විශේෂ වට්ටම් සහ එකක් ගත් විට තව එකක් නොමිලේ ලබා දෙන දීමනා  සහ  තෑගි වවුචර ද පිරිනැමෙනු ඇත. ඇඳුම් පැළදුම් සඳහා Kadapatha, Benares, Dilly Carlo, Pierre Cardin, Addidas, Hameedias, Shopping Girl වැනි  වෙළඳ සැල්ද, කාන්තා ඇඳුම් සහ අභාරණ සඳහා  Benares සහ  Yoland ආදී වෙළඳ සැල් රැසක්ද ක්‍රෙස්කැට් හි ක්‍රියාත්මක වෙයි. සියලුම පොත් පත් අවශ්‍යතා Full Stop සහ  Vijitha Yapa  වැනි පොත්හල් වලින් සපුරාගත හැකි අතර පාවහන් සඳහා DSI ප්‍රදර්ශනාගාරයක්ද පිහිටා තිබේ. තවද  නොමිලේ අක්ෂි පරීක්ෂාව  Vision Care වෙතින් ද, ආභාරණ සඳහා  Swaroski, Maklika Hemachandra, Stone and String සහ  Chamathka වැනි ප්‍රදර්ශනාගාර ද පිහිටුවා තිබේ.  සුවඳ විලවුන් සඳහා Parfumerie & Exclusive Lines මෙන්ම රූපලාවන්‍ය සහ සම්බාහන සඳහා    Footrub, Chegall, Head Turners, British Cosmetics Nail Spa සහ Spa Ceylon වැනි ප්‍රකට ආයතන රැසක්ද මෙහි පිහිටුවා තිබේ. මීට අමතරව කාන්තා යට ඇඳුම් සදහා Triumph සහ චොකලට් සඳහා  Rovello අලෙවි සැලක් ද ,  Dilmah සහ  Mlesna වැනි ප්‍රමුඛ පෙලේ තේ වෙළඳ සැල්ද ,   Rancrisp හි  yummy nibbles සහ Royal Cashew අලෙවි සැල් ද මෙහි පිහිටා තිබේ.

දෙසැම්බර් 10 සිට 24  වන දින දක්වා රුපියල් 2500/= ට වඩා වැඩි මිලදී ගැනීම් සඳහා පැයක කාලයක් නොමිලේ රථවාහන නැවැත්වීමේ පහසුකම් ලබාදීමටද ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණය කටයුතු යොදා තිබේ.

ක්‍රෙස්කැට් නත්තල් සැණකෙළිය පවුලේ සැමට විනෝද විය අවස්ථා රැසකින් සමන්විත වෙයි.  මෙහි පැමිණෙන කුඩා දරුවන්ට නත්තල් සීයා සමඟ  දෙසැම්බර් 24 වන දින දක්වා  සෑම දිනකම   පෙරවරු 11 සිට  සවස 6 දක්වා  විනෝද වීමට අවස්ථාව හිමිවන අතර විවිධ අලෙවි කුටි රැසකින් සහ මෙරිගෝරවුන්ඩ්  ඇතුළු විනෝදාත්මක ක්‍රීඩා අංග, ‍සැමරුම්, වෙළඳ දීමනා, ආදියෙන් මෙම පරිශ්‍රය සමන්විත වෙයි. මේ ඔස්සේ උත්සව සමයේ අසිරිය නොඅඩුව විඳගැනීමට අවස්ථාව හිමිවෙයි.

 දෙසැම්බර් 20 සහ 21 යන දිනවල ආහාර සැණකෙළියක් පැවැත්වීමට නියමිත අතර මෙහිදී සෑම දිනකම පෙරවරු 11 සිට රාත්‍රී 8 දක්වා Pizza Hut, සහ  මැලේසියානු, චීන, බටහිර, තායි, ජපාන, ආදී විවිධ රටවල ආහාර වර්ග රැසක් රසවිදීමට අවස්ථාව හිමිවෙයි. ක්‍රෙස්කැට් නත්තල් සැණකෙළියේ නත්තල් කැරොල් ප්‍රසංගය දෙසැම්බර් 19 වනදා පැවැත්වෙයි. මීට අමතරව ආයතනික විධායක නිලධාරීන් සඳහා දිවා ආහාර විවේකයේදී පැවැත්වෙන  විනෝදාත්මක ක්‍රීඩා රැසක්  පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඉපැරණි මෝටර් රථ ලෝලීන් සඳහා වන පැරණි වොක්ස්වැගන් මෝටර් රථ රැළියක් දෙසැම්බර් 21 වනදා තේ වේලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම සියලු විශේෂාංග සමඟ අසිරිමත් නත්තල සැමරීමට එක්වන ලෙස ක්‍රෙස්කැට් සියලු පාරිභෝගිකයින් වෙත ඇරයුම් කරයි.

Rate this item
(0 votes)