April 24, 2024

කාන්තාවන්ට විශේෂ වට්ටම් කාඩ්පතක්

කාන්තාවන් වෙනුවෙන් විශේෂ වට්ටම් කාඩ්පතක් ලංකා ඔරික්ස් ෆයිනෑන්ෂයල් සමාගම හඳුන්වා දී තිබේ.

Empress ලෙස නම් කර ඇති එම කාඩ් පත ලංකා ඔරික්ස් ෆයිනෑන්ස් සමාගමේ Al-Falaah පාරිභෝගික කාන්තාවන් වෙත පිරිනැමෙන අතර ඔවුන්ගේ මුල්‍ය අවශ්‍යතා සම්පුර්ණ කර ගැනීම සඳහා අවස්ථා රැසක් මෙන් ම වට්ටම් රැසක් ද පිරිනමයි.

එවැනි කාඩ්පතක් ශ්‍රි ලංකාවේ දී හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව එයවන අතර ගෘහ උපකරණ, විදුලි උපකරණ, ඇදුම්, හෝටල්, විදුලි සංදේශ ආදී විවිධ ආයතන රැසක් වෙයි.

එමෙන්ම LOFC Al-Falaah මධ්‍යස්ථාන දිවයින පුරා පිහිටුවීමට නියමිත අතර ඒ පිළිබඳ තොරතුරු සාමාජික කාන්තාවන් වෙත  විද්‍යුත් පණිවුඩ සහ twitter මගින් දැනුවත් කිරීමට ද නියමිතය.

Rate this item
(0 votes)