April 18, 2024

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තවත් සම්මාන ද්විත්වයක්

සිව් වන වාර්ෂික 2019 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ දී (SATA) ශ්‍රී ලන්කන් ගුවන් සේවය යළිත් වරක් දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවයට හිමි සම්මානය ඇතුළු තවත් ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා තිබේ .

මෙම වාර්ෂික සම්මාන උළෙල ඉකුත් සැප්තැම්බර් මස 20 වැනි දින අමාරි ගෝල් හෝටලයේ දී පැවති අතර , එයට ශ්‍රී ලංකාව , ඉන්දියාව , බංග්ලාදේශය , නේපාලය , භූතානය සහ මාලදිවයින යන රටවල ගුවන් සේවා සමාගම් ඉදිරිපත් වී සිටියහ .

එහිදී එම රටවල පවතින හෝටල් පහසුකම් , ගුවන් තොටුපළ විවේකාගාර සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන , ත්‍රාසජනක සේවා , ගමනාන්ත ප්‍රවර්ධන , කිමිදුම් මධ්‍යස්ථාන , ප්‍රවාහන සැපයුම්කරුවන්, ගෘහ බෝට්ටු , සංචාරක තාක්ෂණ සේවා සපයන්නන් සහ කූඩාරම් කදවුරු යනාදිය ද ඇගැයීමට ලක් කර තිබුණි .

ඒ අනුව මෙම සම්මාන උළෙලේ දී අඛණ්ඩව 3 වන වරටත් " දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය " ලෙසත් , ගුවන් යානා තුළ ව්‍යාපාරික පංති කළාපයේ සමස්ථ ගුවන් සේවා මැදිරි පංති අතරින් " ප්‍රමුඛ පෙළේ ගුවන් මගී පංතිය " හිමි ගුවන් සේවය ලෙසත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්මානයට පාත්‍ර වී තිබේ .

(කටුනායක ටී.කේ.ජී.කපිල )

Rate this item
(0 votes)