April 25, 2024

අවුරුද්දට පොළක් 

අප්‍රේල් මස 04 වැනි දා සහ 05 වැනි දා මහරගම විද්‍යාකර මාවතේ, අංක 25 දරන ස්ථානයේ පිහිටි බෞද්ධ මන්දිරයේ දී අවුරුදු පොළක් සංවිධාන කර තිබේ.

පෙරවරු 08.30 සිට රාත්‍රී 07.00 දක්වා පැවැත්වෙන එම පොලේ ආහාර පාන, පොත්, රෙදි පිළි, විසිතුරු පැළ, කුළු බඩු, පළතුරු ආදිය එහි දී ලබා ගත හැකි ය.

මහරගම තරුණ බෞද්ධ සංගමය මගින් පවත්වාගෙන යන පිළිකා රෝගීන්ගේ ඖෂධ සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියට ආධාර ලබා ගැනීමේ අරමුණින් එය පවත්වයි.

Rate this item
(0 votes)