April 23, 2024

මාස්ටර් ඩයිවර්ස් නාවුක ක්ෂේත්‍රයේ වසර 40 සපුරයි

සමුද්‍ර සේවා , නාවුක කටයුතු සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම සමාගම් අතර ඉදිරියෙන්ම සිටින  එකම ශ්‍රී ලාංකික සමාගම වන මාස්ටර් ඩයිවර්ස් සමාගම නාවුක ක්ෂේත්‍රයේ දශක 4 සම්පූර්ණ කරයි.   W A Tucker සමාගම  සහ මාස්ටර් ඩයිවර්ස් සමාගම  වසර 40ක් තිස්සේ ලැබූ පළපුරුද්ද සහ අත්දැකීම් පදනම් කරගනිමින්   සිය 40 වන සංවත්සරය "වඩා හොඳම දේ එක්වීම" (‘Better Together’) යන්න තේමා කරගනිමින්  පැවැත්වීමට පසුගියදා කටයුතු යොදා තිබුණි.

කෙළඹ ෂැංග්‍රීලා හෝටලයේදී පැවති මෙම 40 වන සාවත්සරික සැමරුම් උත්සවය සඳහා මාස්ටර් ඩයිවර්ස් හි සහාකාර පාර්ශව රැසක් සහභාගි වූහ. ඒ අතර සමුද්‍ර කටයුතු පාර්ශවකරුවන්, සේවා පාර්ශව කරුවන්, ව්‍යාපාර හවුල්කරුවන්, කාර්ය මණ්ඩලය සහ විශේෂ අමුත්තන් රැසක් එක්ව සිටිය හ.

වරාය මූලික කරගත් නෞකා ක්‍රියාකාරකම්, සහ අක් වෙරළ කටයුතු , නාවුක ඉදිකිරීම් ක්‍රියාකාරකම් ආදී ක්ෂේත්‍රවල ප්‍රමුඛයින් වන මාස්ටර් ඩයිවර්ස් සමාගම තායිලන්තය, මාලදිවයින, ඉන්දියාව, සිංගප්පූරුව, සහ සෞදි අරාබිය ආදී රටවල් සමඟ සම්බන්ධ වී කටයුතු කරයි. නාවුක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය උපකරණ, යන්ත්‍ර සූත්‍ර මෙන්ම යාත්‍රා සතු අසියානු කලාපයේ එකම සමාගම වන්නේ මාස්ටර් ඩයිවර්ස් සමාගමයි. ආසියානු කලාපයේ විශාලතම ටග් යාත්‍රාව මාස්ටර් ඩයිවර්ස් සතු වන අතර නෞකා බඳ පිරිසිදු කිරීම සඳහා වන ලොව විශාලතම යන්ත්‍රය  ද මාස්ටර් ඩයිවර්ස් සමාගම සතු වෙයි.

වසර හතළිහක ගමන සහ  අඛණ්ඩ සේවා විශිෂ්ඨත්වය පිළිබඳව අදහස් දැක්වූ මාස්ටර් ඩයිවර්ස් සහ ඩබ්. ඒ ටකර්  හි නිර්මාතෘ සහ සභාපති ආරියශිල වික්‍රමනායක මහතා  සදහන් කළේ නෞකා සහ සමුද්‍රිය කටයුතු සම්බන්ධයෙන් පැරණිතම මෙන්ම කිර්තිමත් සමාගමක් ලෙස සර්ව සම්පූර්ණ කඩිනම් උසස් සේවාවක් සැපයීම තුළින්  මෙම සාර්ථක පියවරට ළඟා වූ බවයි. 1978 වසරේ සිට මෙම ක්ෂේත්‍රයේ අති සාර්ථක ලෙස  කටයුතු කරමින් මෙරට නෞකා කාර්මාන්තය සුරක්ෂිත හා බලවත් කිරීමට සිය සමාගම කටයුතු කළ බව පෙන්වා දුන් වික්‍රමනායක මහතා සඳහන් කළේ ඒ  හා සමගාමීව කලාපීය අවශ්‍යතා ඉටුකරදීම සඳහාද  පෙරමුණ ගෙන කටයුතු කර ඇති බවයි. පාරිභෝගිකයින් වෙත ලබාදුන් උසස් තත්වයේ සේවාව  සිය සාර්ථකත්වයේ රහස බව පෙන්වා දුන් වික්‍රමනායක මහතා කියා සිටියේ අති දක්ෂ, හොඳින් පුහුණුව ලැබූ, කාර්ය ශූර කාර්ය මණ්ඩලය සිය සමාගමේ මිල කළ නොහැකි වත්කම වන බවයි. නෞකා ක්ෂේත්‍රයේ 40 වසර සපුරා ඇති මේ මොහොතේදී ගත වූ දශක 4ක කාලයක් පුරා රැකගත් පාරිභෝගික විශ්වාසය, විශිෂ්ඨ සේවාව ආදී ගුණාංග ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට පොරොන්දු වන බව ද හෙතෙම මෙහිදී පැවසීය. මාස්ටර් ඩයිවර්ස් හි දශක 4ක ගමනේදී මිල කළ නෙහැකි දායකත්වයක් ලබාදුන් ව්‍යාපාරික හවුල්කරුවන්ටත්,කර්මාන්ත හවුල්කරුවන්ටත්, මුල්‍ය  ආයතන සහ කාර්ය මණ්ඩලය වෙත සිය කෘතඥතාව පළ කරන බව ද වික්‍රමනායක මහතා  මෙහිදී සඳහන් කළේය.

නුදුරු දිනයකදීම සමස්ථ දකුණු ආසියාවේම ප්‍රමුඛතම කිමිදුම් සහ සමුද්‍ර සේවා සපයන්නා බවට මාස්ටර් ඩයිවර්ස් පුද්ගලික සමාගම පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ආරියශීල වික්‍රමනායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා මාස්ටර් ඩයිවර්ස් අයතනය වසරින් වසර පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරමින් සිටින බවද හෙතෙම මෙහිදී අවධාරණය කළේය. මෙම කාර්යක්ෂමතාය සිය සමාගමේ සාර්ථකත්වය කෙරෙහි බලපෑ ප්‍රධාන සාධකය බවද වික්‍රමනායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය. එම ශක්තිය ඔස්සේ ශ්‍රී ලාංකේය  මුහුදු සීමා ඉක්මවා ගොස් ආසියානු කලාපයේ මුහුදු සීමාව දක්වා ඉතා ඉක්මනින් ගමන් කළ හැකිවනු ඇති බවට වික්‍රමනායක මහතා විශ්වාසය පළ කළේය. නවීන තාක්ෂණය, සේවා වැඩිදියුණු කිරීම, ආදිය මඟින් ඉදිරි වසර කිහිපය තුළ එම ඉලක්කය වෙත ළඟා විය හැකි බව සිහිපත් කළ ඒ මහතා කියා සිටියේ නව ව්‍යාපාරික අවස්ථා කිහිපයක් කෙරෙහි ද මාස්ටර් ඩයිවර්ස් හි අවධානය යොමු ඇති බවයි.  මේ අතර ලොජිස්ටික්ස්, ත්‍රිකුණාමලයේ බන්ධිත ගබඩා, හම්බන්තොට සහ කොළඹ අතර තවත් සේවා රැසක් ද වන බව පෙන්වා දුන් වික්‍රමනායක මහතා කියා සිටියේ ඉදිරි වසර 5 තුළ මෙම නව ව්‍යාපාරික අවස්ථා වෙත යොමු වීමට සැලසුම් කර ඇති බවයි.

නෞකා ඇදගෙන යාම්, බේරා ගැනීම්, නාවුක ඉංජිනේරු,සිවිල් ඉංජිනේරු, නෞකා බර කිරීම හා ඒ හා සම්බන්ධ සේවා රැසක් මාස්ටර් ඩයිවර්ස් විසින් පවත්වා ගෙන යයි.  විස්තීරණ සමුද්‍ර සේවා වල ශ්‍රීලාංකේය අනන්‍යතාව වන්නේ ද මාස්ටර් ඩයිවර්ස් අයතනයයි.

වර්ෂ 1978 දී පිහිටුවන ලද මාස්ටර් ඩයිවර්ස් ආයතනය මෙර ඉතිහාසයේ සුවිශේෂි සමාගමක් ලෙස දැක්විය හැකිය.  වික්ටෝරියා වේල්ලේ එක් දොරටුවක් විවෘත නොවීම නිසා ජලය පිරී ජලාශය සහ වේල්ල දැඩි අවධානමකට ලක්වූ අවස්ථාවේදී  එහි දොරටු විවර කිරීම සදහා කිමිදුම් සේවාව සපයනු ලැබුවේ මාස්ටර් ඩයිවර්ස් අයතනයයි.  එමෙන්ම මෙගාවොට් 390ක  විදුලි උත්පාදනයක් සහිත  විදුලි බලාගාරය මුතුරාජවෙල දක්වා මුහුදු මඟින් ප්‍රවාහනය කරන ලද්දේ ද මාස්ටර් ඩයිවර්ස් අයතනය විසින් වන අතර පුත්තලම බලාගාරය ද කොළඹ වරායේ සිට පුත්තලම දක්වා ප්‍රවාහනය  කළේ   මාස්ටර් ඩයිවර්ස් විසිනි.

ස්වංක්‍රියව ක්‍රියාත්මක වන සමුද්‍ර වේදිකා (self-elevating maritime platforms) දෙකක් මාස්ටර් ඩයිවර්ස් පුද්ගලික සමාගම සතු වන අතර  නිරාවරණය වූ මුහුදේ කටයුතු කිරීම සඳහා ඒවා යොදා ගනු ලබයි. වරාය  ගැඹුරු කිරීම, යාත්‍රා පිළිසකර කිරීම, සහ ගල් සහිත වෙරළබඩ ප්‍රදේශවල ගැඹුරු ජල වරායන් සඳහා මේවා භාවිත කළ හැකි ය. කොළඹ වරායේ පිහිටා ඇති මාස්ටර් ඩයිවර්ස් නෞකා වරාය කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ යාත්‍රා නැවතුම් පොළක් ලෙස කටයුතු කරයි. මීට අමතරව නෞකා අළුත් වැඩියාව සහ නෞකා සේවා ද මෙහිදී සිදුකෙරෙන අතර සැපයුම් සේවා සදහා යොදා ගැනෙන යාත්‍රා 11ක්,  සහ තවත් සේවා යාත්‍රා ගණනාවක් මාස්ටර් ඩයිවර්ස් පුද්ගලික සමාගම සතු වෙයි.

 

Rate this item
(0 votes)