March 29, 2024

වැලිසර නාවික හමුදා රෝහලත් ඩිජිටල්කරණයට

September 10, 2019

රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය (Hospital Health Information Management System) වැලිසර නාවික හමුදා රෝහල සදහා ද   හදුන්වා දීමට පියවර ගැණේ.

මේ සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම ශ්‍රී ලංකා නාවික හමුදා මුළස්ථානයේදී  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය රෝහාන් සමරජීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් රියඅද්මිරාල් සේනරූප ජයවර්ධන යන මහත්වරුන් අතර සිදුවිය.

 මෙම තොරතුරු කළමණාකරන පද්ධතිය මෙම නාවික හමුදා  රෝහල වෙත හදුන්වා දීම නිසා ප්‍රතිකාර සදහා පැමිණෙන එම රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට  වඩාත් ඉක්මන් සහ විධිමත් සේවාවක් ලබාදීමට  හැකිවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

 මේ අනුව ප්‍රතිකාර ලබා ගැනීමට  පැමිණෙන රෝගීන්ගේ  සෞඛ්‍යමය තොරතුරු නියම කරන ලද  ‍ඖෂධ වට්ටෝරු  ‍සෞඛ්‍ය වාර්ථා තොරතුරු ජීවදත්ත  ඇතුලු වැදගත් සියලු තොරතුරු වෛද්‍යවරයා විසින් මෙම පද්ධතියට ඇතුලත් කරනු ලබයි. මෙහිදී රෝගියා වෙත නියම  කෙරෙන ඖෂධ වට්ටෝරුද  මෙම පද්ධතිය ඔස්සේම ඖෂධ නිකුත් කරන ස්ථානය වෙත ලබා දීමද සිදු කරනු ලබයි. 

 රෝගියාගේ තොරතුරු  රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතියට (HHIMS) ඇතුලත් කෙරුණු පසු  රෝගියාට ඒ සදහා විශේෂ කාඩ් පතක් නිකුත් කිරීමද සිදු කරනු ලබයි.

නැවත රෝගියා ප්‍රතිකාර සදහා රෝහල වෙත පැමිණි විටදී රෝගියාට මෙන්ම වෛද්‍යවරයාටද මෙමගින් පහසුකම් රැසක් අත්වේ. විශේෂයෙන්ම වෛද්‍යවරයාට රෝගීන්ගේ දත්ත ඉතාමත් කෙටි කාලයක් තුල අධ්‍යනය කර ඉතා නිවැරදි රෝග විනිශ්චයකට එළඹීමකට හැකිවීම මෙමගින් ලැබෙන ප්‍රධාන වාසියකි.

තවද මෙමගින් කඩදාසි භාවිතා කිරීමද අවම කිරීමට හැකිවන අතර හරිත පරිසරයක් සදහා ද මග සැලසෙනු ඇත.

 මේ පිලිබදව  අදහස් දැක්වු ශ්‍රී   ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රෝහාන් සමරජීව මහතා සදහන් කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්‍ෂමතාවය හා ගුණාත්මක භාවයත් ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ රෝගීන්ගේ ආරක්‍ෂාවත් තහවුරු කිරීමට මෙම කළමණාකරන පද්ධතිය රුකුලක් වන බවත් මෙහි සාර්තකත්වය නිසා තවත් රෝහල් වලට ලබා දෙන ලෙස ඉල්ලීම් ලැබෙමින් පවතින බවයි.

මේ වන විට රජයේ රෝහල් හතලිහක මෙම පද්ධතිය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව පවසන නියෝජිතායතනයේ වැඩසටහන්  ප්‍රධානී ශ්‍රීයානන්ද රත්නායක මහතා  විශේෂයෙන්ම රටේ සමස්ථ ජනතාව වෙනුවෙන්  සුවිශේෂී මෙහෙවරක යෙදෙන මෙවැනි  ස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින්  මෙම වැඩසටහන හදුන්වාදීමට හැකිවීම ගැන සතුටු වන බව ද ඉතා නුදුරු කාලයකදී මෙරට සියළු නාවික හමුදා රෝහල් සදහා මෙම සේවාවන් ලබා දීමට හැකි ආකාරයට මෙම කළමණාකරන පද්ධතිය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතන විසින් ක්‍රියාත්මක  ඩිජිටල් සෞඛ්‍ය වැඩසටහන (Digital Health Programme) යටතේ  මෙය ක්‍රියාත්මක වේ.

 

 

 

 

 

 

 

 

 

   

 

 

 

 

Rate this item
(0 votes)