April 25, 2024

හරිත විප්ලවයට එක්වෙමින් නව තාක්ෂණයෙන් යුතු සිංගර් ග්‍රීන් ඉන්වර්ටර් වායු සමීකරණ වෙළඳ පොළට

September 04, 2019

සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සිය සමාජ වගකීම තවදුරටත් තහවුරු කරමින් හරිත විප්ලවය සඳහා සිය දායකත්වය දක්වමින් නව තාක්ෂණයෙන් සමන්විත සිංගර් ග්‍රීන් ඉන්‍වර්ටර් වායු සමීකරණ ‍ දේශිය වෙළඳ පලට ඉදිරිපත් කරයි. හරිත විප්ලවය ජය ගැනීම සඳහා වන සිංගර් හි දායකත්වය මෙම නවතම පරිසර හිතකාමී හඳුන්වා දීම් තුළින් තවදුරටත් තහවුරු වෙයි.

ලෝකයේ වඩාත් පරිසර හිතකාමී වායුවක් වන R 32 ශීතකාරකය යොදා ගනිමින් නිර්මාණය කර ඇති සිංගර් ඉන්වර්ටර් වායු සමීකරණය ඉහළ බලශක්ති කාර්යක්ෂමතාවක් ළඟා කර ගැනීමට උපකාරී වේ. මෙහි ඇති තාක්ෂණික ක්‍රමෝපාය නිසා ගෝලීය උණුසුම අඩු කෙරෙන අතර ඕසෝන් ස්ථරයට ඇති හානිය අවම කරවීම මෙහි ඇති විශේෂත්වයයි.

මෙම නව තාක්ෂණය සහිත සිංගර් ග්‍රීන් ඉන්‍වර්ටර් වායු සමීකරණ පිළිබඳව අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි වෙළඳ අධ්‍යක්ෂ කුමාර සමරසිංහ මහතා සඳහන් කළේ සියලු පාරිභෝගිකයින් වෙත අවශ්‍ය භාණ්ඩ ලබා දෙමින් හරිත විප්ලවයේ කොටස්කරුවන් බවට පත්වීමට සිංගර් ගත් උත්සාහය ග්‍රීන් ඉන්වර්ටර් තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම තුළින් පැහැදිලි වන බවයි. සිංගර් ග්‍රීන් ඉන්වර්ටර් තාක්ෂණය සහිත වායු සමීකරණ ඒකකවලට 50%ක බලශක්තියක් ඉතිරි කර ගත හැකි බව මෙහිදී පෙන්වා දුන් කුමාර සමරසිංහ මහතා අවධාරණය කළේ මෙරට පවත්නා කාළගුණය සහ බලශක්ති අවශ්‍යතාව සලකා බැලීමේදී තිරසර බලශක්ති අරපිරිමැසිමකින් යුතු වායු සමීකරණ විසඳුම් මෙරටට අත්‍යවශ්‍ය බවයි. එම අවශ්‍යතාව මැනවින් වටහා ගනිමින් මෙම නවතම සිංගර් ග්‍රීන් ඉන්‍වර්ටර් වායු සමීකරණ ‍ නිපදවා ඇති බවත් වායු සමීකරණ සඳහා වන බලශක්ති පිරිවැය ඉන් අවම කර ගත හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

සිංගර් ශ්‍රී ලංකා සුපිරි තාක්ෂණය යෙදාගනිමින් උසස්තම නිෂ්පාදන පාරිභෝගිකයා වෙත තිළිණ කරමින් ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම් අතර සිටින ශක්තිමත් සමාගමක් බව මෙහිදී කුමාර සමරසිංහ මහතා අවධාරණය කළේය. පරිසර හිතකාමී තිරසර නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කිරීම සිය වගකීම කොට ගනිමින් සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී නිරන්තරයෙන් කටයුතු කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. මෙම නවතම ග්‍රීන් ඉන්වර්ටර් තාක්ෂණය මඟින් වියළි කාළවලදී වායු සමීකරණ යන්ත්‍ර අධි භාවිතාව නිසා සිදුවන කාබන් වැයවීම යළි ආවරණය කර ගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

දේශීය හරිත විප්ලවයේ නියාමක සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා සමාගම විකිණුම් ක්‍රියාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වා අති විශිෂ්ඨ සේවා සපයමින් කටයුතු කිරීම තුළින් පාරිභෝගික විශ්වාසය දිනාගෙන සිටියි. අසමසම අලෙවියෙන් පසු සේවාවක් සහ විශ්වසනීය සිංගර් වගකීමේ සහතිකයක් සමඟ සිංගර් වායු සමීකරණ පාරිභෝගිකයා වෙත පිරිනමනු ලබයි

සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී පාරිභෝගිකයින්ට ඉහළ මට්ටමේ ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළඳ නාම පිරිනැමීම තුළින් පාරිභෝගික විශ්වාසය තහවුරු කරගත් සමාගමකි. ශ්‍රී ලංකාවේ විශාලතම බෙදාහැරීමේ ජාලය හරහා වේගයෙන් වර්ධනය වන සිය පාරිභෝගික ජාලය සමඟ සම්බන්ධ වී 450 කට අධික අලෙවි සැල් සංඛ්‍යාවක් සහ දිවයින පුරා ව්‍යාප්ත වී ඇති අලෙවි නියෝජිත ජාලයක් ඔස්සේ සිය නිෂ්පාදන පාරිභෝගිකයා අතට පත් කරයි. වසර ගණනක් පුරා දිනූ පාරිභෝගික විශ්වාසය, විශිෂ්ට අලෙවියෙන් පසු සේවය, දීප ව්‍යාප්ත සේවා ජාලය. ආදි සාධනීය ලක්ෂණ හේතුවෙන් අඛණ්ඩව වසර දහතුනක් තිස්සේ සමාගම රටේ අංක එකේ "ජනතා සන්නාමය" ලෙස සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම සම්මානයට පාත්‍ර වෙයි.

Rate this item
(0 votes)