March 29, 2024

ප්‍රයිම් සමූහය තෙවන වරටත් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වඩා ගෞරවනීය සන්නාමය බවට පත්වෙයි

2019 අගෝස්තු 21, කොළඹ දීය - ප්‍රයිම් සමූහය  මෙරට වඩා ගෞරවනීය දේපළ වෙළදාම් ආයතනය ලෙස  තෙවන වරටත් තේරී පත්වෙයි. මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන  LMD ( Lanka Monthly Digest)සඟරාව විසින්  සිදුකළ ශ්‍රේණිගත කිරීම් අනුව 2019 වසරේ වඩා ගෞරවනීය දේපළ වෙළඳාම් ආයතනය ලෙස ප්‍රයිම් සමූහය නම් කර තිබේ. එම වාර්තාවට අනුව ‍2019 වසරේ මෙරට වඩා ගෞරවනීය සමාගම් 135 අතර 34 වන ස්ථානය ප්‍රයිම් සමූහය විසින් හිමි කරගෙන තිබේ.   

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ ප්‍රයිම් සමූහයේ සභාපති බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා සඳහන් කළේ ගතවූ දශක දෙක තුළ ස්ථාවරව වර්ධනය වූ ප්‍රයිම් සමූහය කෙරෙහි වන  මහජන විශ්වාසය මෙම ඇගයීම තුළින් තවදුරටත් තහවුරු වන බවයි. පාරිභෝගික ජනතාව  ප්‍රයිම් සමූහය විසින් සපයන දේපළ වෙළඳාම් සේවා වඩා ආරක්ෂාකාරී සහ විශ්වාසදායක ඒවා ලෙස පිළිගත් බවත් අඛණ්ඩව දශක දෙකක් තිස්සේ ප්‍රයිම් සමූහය එම විශ්වාසය සුරකිමින් කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.  දැඩි කැපවීම සහ අධිෂ්ඨානශීලිත්වය මෙන්ම පාරිභෝගික විශ්වාසය  ඔස්සේ  දැඩි තරඟකාරීත්වයකින් යුතු දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීමට ප්‍රයිම් සමූහයට හැකිවූ බව ද ඒ මහතා පැවසීය.

විවිධ මට්ටම් වල පාරිභෝගිකයින් වෙත  වගකීම් සහගත  උසස් සේවාවක් සැපයීම තුළින් මෙම අනභිබවනීය මහජන විශ්වාසය ගොඩනඟා ගැනීමට ප්‍රයිම් සමූහය සමත්වී ඇති බව පෙන්වා දුන් බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා කියා සිටියේ  එම මහජන විශ්වාසය විසින් ප්‍රයිම් සන්නාමය ඉහළට ඔසවා තබා ඇති බවයි. මෙම සාර්ථකත්වය අත්පත් කර ගැනීමේදී  ප්‍රයිම් හි කාර්ය මණ්ඩලය අමිල මෙහෙවරක් ඉටු කල  බවත්  ඔවුන් සැපයූ උසස් පාරිභෝගික සේවාව පාරිභෝගික විශ්වාසය දිනාගැනීම සඳහා වන ප්‍රධාන සාධකය වූ බවත් හෙතෙම සඳහන් කළේය. ප්‍රයිම් සමූහය  "සන්නාමය සහ විශ්වාසය" අතර වැදගත්කම මැනවින් වටහා ගනිමින් කටයුතු කරන බව පැවසූ ඒ මහතා කියා සිටියේ උසස් තත්වයෙන් යුතු නව්‍යකරණයන් සඳහා ප්‍රයිම් සමූහය නිරතුරුවම කටයුතු කරන බවයි. ආයතනයක කිර්ති නාමය වර්ධනය කර ගැනීම සඳහා නිෂ්පාදන හා සේවාවල ගුණාත්මක භාවය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ප්‍රයිම් සමූහයේ සභාපතිවරයා කියා සිටියේ  "ප්‍රයිම්" යන සන්නාමය තුළින්ම වත්මන් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයෙහි  කිර්තිය සහ විශ්වාසය තහවුරු කර ඇති බවයි.  එම කීර්තිය හා විශ්වාසය අඛණ්ඩව පවත්වාගැනීම සඳහා ප්‍රයිම් සමූහය තුළ ක්‍රියාත්මක සේවා සංස්කෘතිය සහ ආචාර ධර්ම යනාදිය බෙහෙවින් උපකාරී වූ බවත් ඒ ඔස්සේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වඩාත් ගෞරවනීය සන්නාමය බවට තෙවරක් පත්වීමට ප්‍රයිම් සමූහයට හැකිවූ බවත් හෙතෙම කියා සිටියේය.

පුද්ගලයකුගේ හෝ පවුලක  ජීවන සිහිනයක් වන නිවසක් හෝ ඉඩමක් හිමිකරගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමේදී ගණුදෙනු කරුවකු දේපළ වෙළඳාම්කරු පිළිබඳව පූර්ණ විශ්වාසය තබයි. ඔවුන්ගේ සමස්ථ ජීවිත කාලය තුළ ඉතිරි කරගත් මුදල් නිවසක් සඳහා හෝ ඉඩමක් සඳහා  වැය කිරීමේදී එම විශ්වාසය ප්‍රධානතම සාධකය බවට පත්වෙයි.  ආදාළ දේපළ වෙළදාම් ආයතනය ද එම විශ්වාසය පිළිබඳව වගකීම දරමින් ගණුදෙනුකරුගේ අපේක්ෂාවන් යථාර්තයක් කර දීමට කැපවිය යුතුය. දශක දෙකක් තිස්සේ එලෙස කටයුතු කරමින් ප්‍රයිම් සමූහය හිමි කරගෙන ඇති විශ්වාසය මෙලෙස වඩා ගෞරවනීය සමාගම ලෙස  අභිෂේක ලබන්නට ප්‍රමුඛ හේතුවක් වී තිබේ.

මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වඩා ගෞරවනීය සමගම බවට ප්‍රයිම් සමූහය පත්වීමත් සමඟ එමගින් තහවුරු වන්නේ මෙරට වඩා විශ්වසනීය දේපළ වෙළදාම් සමාගම් සහකරු බවට ද  ප්‍රයිම් සමූහය සතුවන බවයි. දශක දෙකක් තිස්සේ ක්ෂේත්‍රය තුළ ආචාරධාර්මික හැසිරීම තුළින්  ගොඩනඟාගෙන ඇති පාරිභෝගික විශ්වාසය නිසා ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ සිදුවන ඕනෑම අවධානම්කාරී තත්වයක් තුළ ස්ථාවරව කටයුතු කිරීමේ හැකියාව ප්‍රයිම් සමූහය සතුව පවතිි. සිය පාරිභෝගිකයින් වෙත ප්‍රමුඛතාව ලබාදීම මුල් කරගනිමින් ප්‍රයිම් සමූහය කටයුතු කරයි.  මේ නිසා දේපළ වෙළඳාම්  ක්ෂේත්‍රය තුළ මතුවන අවධානම්කාරී තත්වයන් වලදී පාරිභෝගිකයා ප්‍රයිම් සමූහය කෙරෙහි පුර්ණ විශ්වාසය තබමින් ක්‍රියා කරයි.  ප්‍රයිම් සමූහය විසින් අඛණ්ඩව දශක දෙකක් තිස්සේ එම විශ්වාසය තහවුරු කර ඇති බැවින් පාරිභෝගිකයා වඩා සුරක්ෂිත බව පිළිබඳ මනා විශ්වාසයෙන් ප්‍රයිම් සමූහය සමඟ ආයෝජනය කරනු ලබයි.

පාරිභෝගිකයා වෙත වඩා විශ්වසනීය සහ ගුණාත්මක උසස් සේවාවක් සැපයීම සඳහා වන ප්‍රයිම් සමූහයේ සංස්කෘතිය එහි නායකත්වයෙ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීමක් වන අතර ස්ථාවර නායකත්වය ප්‍රයිම් සමූහයේ සාර්ථක ඉදිරි ගමනට මඟ පෙන්වනු  ලබයි.   වසර 24 කට වැඩි කාලයක් තිස්සේ ප්‍රයිම් සමූහය පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් වඩා ඵලදායී සහ ආරක්ෂිත පාරිභෝගික සේවාවක් පවත්වාගනිමින් ගණුදෙනුකරුවන්ගේ අනපේක්ෂිත ආර්ථික පීඩාවන් සඳහා අනුවර්තනය වෙමින් උසස් සේවාවක් සපයමින් සිටියි.

වර්ෂ 1995 දී ඇරඹි ප්‍රයිම් සමූහය "මිහිකතෙන් හොඳම තැනක්" යන්න තේමා කරගනිමින් සහ අඛණ්ඩව සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වන විට මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව සිටියි.   "සේවය කිරීමට වඩා සුදුසුම සේවා ස්ථානයක් " (Great Place to Work)අඛණ්ඩව වසර 5ක් තිස්සේ සම්මානයට පාත්‍රවූ ප්‍රයිම් සමූහය විශිෂ්ඨ සේවාවක් සැපයීම සඳහා වන දැඩි කැපවීමක් සහිතව ඒ සඳහා ස්වයං වර්ධනයක් පෙන්නුම් කරන මෙරට ප්‍රමුඛතම සමාගමකි.   අධිෂ්ඨානශීලිත්වය සහ දැඩි කැපවීම තුළින් දශක දෙකක් තුළදී  සිය ඉලක්කයන් අතික්‍රමණය කර ඇති ප්‍රයිම් සමූහය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ  වඩා ස්ථාවර සමාගම බවට පත්ව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 August 2019 10:28