March 29, 2024

කාන්තා ව්‍යවසායකයින්ට ඩිජිටල් සවිය

මෙරට කාන්තා ව්‍යවසායකයින් එක්දහස් පන්සීයක් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට පියවර ගැණේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක සුහුරුලිය  ව්‍යපෘතිය යටතේ මෙය ක්‍රියාවට නැංවේ.

කාන්තා ව්‍යවසායකයින් තොරතුරු හා සන්නිවේදන  තාක්ෂණය භාවිතා කිරීමෙන් ඔවුන්ගේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සදහා අවශ්‍ය අවස්ථාවන්  නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණකි.  

 මෙම කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ පුහුණු වැඩමුළු  දිවයිනේ දිස්ත්‍රික්ක මට්ටමින් සිදු කෙරෙන අතර මේ වන විට  අනුරාධපුරය සහ මහනුවර යන දිස්ත්‍රික්ක වල මෙම වැඩමුළු  පවත්වා අවසන් කර තිබේ.මෙහි තෙවැන්න අම්පාර දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව තිබේ.

මෙහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සිය ව්‍යපාර ප්‍රවර්ධනය කර ගැනීම සදහා ව්‍යවසායකයින්ට  ෆේස් බුක් පිටුවක් ද  නිර්මාණය කර දෙන අතර වැඩමුළුව සාර්තකව අවසන් කරන ඔවුන් සදහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය යටතේ සහතික පතක්ද නිකුත් කෙරේ.

මෙම පුහුණු වැඩමුළුවෙන් පසු  පුහුණුලාභී කාන්තා ව්‍යවසායකයින්ට  තොරතුරු තාක්ෂණය වඩාත් පලදායී ලෙස තම ව්‍යාපාර සාර්තකත්වය සදහා යොදා ගන්නා ආකාරය පිළිබදව අවශ්‍යය දැනුම ලබා දීම කාන්තා සංවර්ධන නිලධාරීන් විසින් සිදුකරන බවත් ඒ සදහා වන මග පෙන්වීම තම ආයතනය මගින් අඛන්ඩව  සිදු කරන බවත්   නියෝජිතායතනය සදහන් කරයි.

 

 

 

Rate this item
(0 votes)