March 29, 2024

ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රජාවට හැදුනුම්පතක්

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත.

 මේ අනුව පෙදරේරු කර්මාන්තය , වඩු කර්මාන්තය විදුලි කාර්මික ශිල්පී ආදී ක්ෂේත්‍රවල නිරත ප්‍රජාව සදහා මෙම හැදුනුම්පත නිකුත් කෙරේ.

විශේෂයෙන්ම මෙවැනි හැදුනුම් පතක්  නිකුත් කිරීම මගින් ජනතාවට ගුණාත්මක හා විශ්වාසනීය සේවාවක් ලබා ගැනීමට රුකුලක්  වෙතැයි අපේක්ෂා කෙරේ.

තවද  එහි නිරත වුවන්ට සිය රැකියා‍ සදහා සේවාලාභීන් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම  වෘත්තීමය වරප්‍රසාද තහවුරු කර ගැනීමට මෙය බෙහෙවින් උපකාර වෙතැයි ද නියෝජිතායතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ කාන්චන තුඩුගල මහතා පවසයි.

මෙම හැදුනුම්පත සදහා වන  මෘදුකාංග සංවර්ධනය  කිරීම සහ තොරතුරු තාක්ෂණ සහාය ලබා දීම නියෝජිතායතනය විසින් සිදු කෙරේ.

 මේ සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම  ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු ගැමුණු අලවත්තේගම සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව යන මහත්වරු අතර නොබෝදා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේදී  සිදු කෙරිණි.

Rate this item
(0 votes)