April 19, 2024

නවතම Huawei Y Series ළඟදීම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලාංකේය නව පරපුරේ තාක්ෂණික අපේක්ෂාවන් මුදුන්පත් කරමින් ලොව ප්‍රමුඛතම සන්නිවේදන සහ දුරකතන සැපයුම්කරු Huawei විසින් නවතම Y Series ජංගම දුරකතන පෙළක් හඳුන්වාදීමට කටයුතු කරමිනි සිටිති.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ මෙම Y Series ජංගම දුරකතන මාලාවට Y9 Prime 2019, Y7 Pro (64GB ඇඟිලි සලකුණු සංවේදනය), Y5 Lite (ලෙදර් වැනි පිටුපස කවරය සහිත) ඇතුළත්වන බව ය.

එම සෑම ජංගම දුරකතන නිෂ්පාදනයක් ම වැඩි දියුණු කළ අංගවලින් සමන්විත වීම විශේෂත්වයකි.

විශාල තිරයක්, පුළුල් මෙමරියක්, වැඩි දියුණු කළ කැමරාවක් සහ නවතම වර්ණවලින් යුත් Y Series මාදිලිය ශ්‍රී ලාංකේය ජංගම දුරකතන වෙළඳපොලෙහි නවතම අත්දැකීම් අතරට නුදුරේදීම එකතුවීමට නියමිත බව එම නිවේදනයේ දැක්වේ.

වෙනත් දුරකතන නිෂ්පාදනවලට වඩා කැපී පෙනෙන නවතාවයකින් යුතු උපාංග යොදා ගනිමින් Huawei Y9 Prime 2019 ඉතා සූක්ෂම තාක්ෂණික ක්‍රියාවලියක් ඔස්සේ කැමරාව සතු සංවේදන අංග බාහිර පරිසරයට නිරාවරණය වීම වළක්වා ඇතැයි ද එම සමාගම පවසයි.

අතිශය පූර්ණ දර්ශන තලයකින් (Ultra full view display) සහ 128GB ක පුළුල් මෙමරි පරාසයකින් සමන්විත Huawei Y9 Prime 2019, Emerald Green, Sapphire Blue සහ Midnight Black වැනි නව වර්ණ පරාසයක් ද හඳුන්වා දී ඇති බව ඔවුන් පවසයි.

Huawei සමාගම සතු අධි තාක්ෂණික AI පහසුකම් යොදා ගනිමින් නිර්මිත 16MP ලෙන්ස් Auto Pop up ත්‍රිත්ව කැමරාව (Triple Camera) තුළින් උසස් නිමාවකින් යුතු සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමේ මහඟු අවස්ථාව ද සිය පාරිභෝගිකයින්ට උදාකර ඇත.

3GB Ram සහ 64GB Rom මෙමරියකින් සමන්විත Y7 Pro නවතම සුවිශේෂාංග රැසක් ඇතුළත් කර තිබේ.

ඒ, අතුරින් ඇඟිලි සලකුණු සංවේදනය (Finger Sensor) වඩා සුවිශේෂි වන අතර එය Huawei ජංගම දුරකතන භාවිත කරන්නන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අදාල සුරක්ෂිත සේවා සැපයීමක් සංකේතවත් කිරීමක් ලෙස හඳුන්වාදිය හැකි බව ද අදාළ සමාගම පවසයි.

Huawei Y5 Liteහි නවතම සුවිශේෂාංග වලට අමතරව එහි සිත්ගන්නා සුළු ලෙදර් වැනි පිටුපස කවරය වඩාත් ආකර්ෂණීය මුහුණුවරක් ගෙන තිබේ.

එමෙන්ම දෛනික ජීවිතයේ කටයුතු පහසු කරමින් Huawei Y5 Lite විසින් එම සේවා භාවිත කරන්නන්ට 16GB මෙමරියක් සපයා දීමට ක්‍රියාකර ඇත.

මෙම නවතම Y5 Lite මාදිලිය 1440*720 IPS සහ අඟල් 5.45ක පුළුල් දර්ශන තිරයකින් සමන්විත වේ.

වඩා විශේෂිත කරුණ වන්නේ තාක්ෂණික වශයෙන් නවතම සුවිශේෂාංග සහිත වුවද මෙම නව නිෂ්පාදනය ඉතා පහසු මිලකට වෙළඳපොලෙන් ලබා ගැනීමට හැකියාව පැවතීමයි.

නවතම Y Series නිෂ්පාදන මාලාව හඳුන්වා දෙමින් ශ්‍රී ලංකා Huawei ආයතන ප්‍රධානීන් පීටර් ලියු මහතා “වැඩි දියුණු කළ නවතම උපාංග වලින් යුත් Y Series 2019 ශ්‍රී ලාංකේය වෙළඳපොළට හඳුන්වා දීම පිළිබඳව ඉමහත් සතුටට පත් වෙනවා.

පුළුල් දර්ශන තිරයක් සහ මෙමරියක් වැඩි දියුණු කළ කැමරාවක් සහිත වර්ණවත් Huawei Series මාදිලි පෙල පාරිභෝගික අවශ්‍යතා ඉටු කරමින් වෙළඳපොළ තුළ වැඩි ආකර්ෂණයක් දිනා ගන්නා බවට අප විශ්වාස කරනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.

වර්ෂ 2018දී Brandz ශ්‍රේණිගත කිරීමට අනුව Huawei ආයතනය වඩාත් විශිෂ්ට ගෝලීය නිෂ්පාදන 100 අතර 47වෙනි ස්ථානයත්, ෆෝ(ර්)බ්ස් සඟරාවේ වර්ගීකරණයට අනුව 79වන ස්ථානයත් දිනාගෙන ඇති අතර එසේම Interbrands Best Global Brandහි 68වන ස්ථානයත් Fortune 500හි 83වන ස්ථානයත් හිමි කරගෙන ඇති බව ඔවුන්ගේ නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

Rate this item
(0 votes)