March 19, 2024

කෝටිපති ජයග්‍රාහකයෙක් සමගින් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග දිනූ ජයග්‍රාහකයින් හතලිහක්

කෝටිපති ජයග්‍රාහකයෙක් සමගින් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග දිනූ ජයග්‍රාහකයින් හතලිහක් මෙවර සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ත්‍යාග ලබයි.

දිනපතා සිදුකරන දිනුම් ඇදීම් හරහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකරන ජයග්‍රාහකයින් සදහා චෙක්පත් ප්‍රදානය 2019.07.11 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.

එහිදී සංවර්ධන වාසනාව 252 වන වාරයේ සුපිරි ජයමල්ල රු.1,79,30,104 ක මුදල දිනාගත් එල්.එන්.ඩී. පෙරේරා මහත්මියට අදාළ චෙක්පත පිරිනැමූ අතර එම ලොතරැයිපත අලෙවි කළ හාල්දඩුවන ආර්.කේ.ටී. නිශාන්ත මහතාටද චෙක්පතක් සමගින් සහතික පත්‍රයක් පිරිනමන ලදී.

ලග්න වාසනාව 2535 වන වාරයේ සුපිරි ජයමල්ල රු.54,46,930 ක මුදල දිනාගත් වෙන්නප්පුව ප්‍රදේශයේ ඩබ්.බී. ප්‍රනාන්දු මහතාට සහ එම ලොතරැයිපත අලෙවි කළ බෝලවත්ත හන්දිය අලෙවි නියෝජිත පී.ජේ.ප්‍රනාන්දු මහතාටද, ලග්න වාසනාව 2538 වන වාරයේ සුපිරි ජයමල්ල රු.22,60,658 ක මුදල දිනාගත් බලංගොඩ ප්‍රදේශයේ ආර්.කදිරේෂන් මහතාට සහ එම ලොතරැයිය අලෙවි කළ පී.ඩී.චන්ද්‍රසේන මහතාට සහ ලග්න වාසනාව 2555 වන වාරයේ සුපිරි ජයමල්ල රු.39,90,846 ක මුදල දිනාගත් එන්.ඒ.එස්.කේ.අබේරත්න මහත්මියට සහ එම ලොතරැයිය අලෙවි කළ රාජාංගනය අලෙවි නියෝජිත ස්වර්ණලතා ඊරියගම මහත්මියට යන අයට අදාළ චෙක්පත් සහ සහතිකපත් පිරිනැමීමද එදින සිදුවිය.

තවද දස ලක්ෂයේ මුදල් ත්‍යාග දිනූ ජයග්‍රාහකයින් 37 දෙනෙක් සදහාද අදාළ චෙක්පත් ප්‍රදානයද සිදුකළ අතර මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩංගොඩ මහතා ඇතුළු පිරිස සහභාගී විය.

Rate this item
(0 votes)