April 25, 2024

නව යුගයේ වායු සමීකරණ විසදුම් සමඟ සිංගර් පෙරමුණට

මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වන සිංගර්  වායු සමීකරණ වෙළඳ පොල පුළුල් කරමින්  තවදුරටත් ස්ථාවර වෙයි. වසර ගණනාවක් පුරා  විශිෂ්ටතම සන්නාම වලින් යුතු භාණ්ඩ පාරිභෝගිකයින් වෙත පිරිනැමීම තුළින් දිනාගත් පාරිභෝගික විශ්වාසය ඔස්සේ   වායු සමීකරණ  ක්ෂේත්‍රයේ සිය ව්‍යාපාරය පුළුල් කිරීමට සිංගර් සමාගමට හැකිව තිබේ.  සිංගර් විසින්  මීට පෙර සිසිල් සහ සිංගර් යන දේශීය ප්‍රකට සන්නාම සහ , Hitachi සහ  Mitsubishi වැනි ලොව ප්‍රමුඛතම සන්නාම වලින් යුතු වායු සමීකරණ පෙළක්  මෙරටට හඳුන්වා දී ඇත.  මෙරට වායු සමීකරණ වෙළද පොල වෙත සිංගර් විසින් තිළිණ කළ බලශක්තිය පිරිමසින පරිසර හිතකාමී  වායු සමීකරණ පෙළ මේ වනවිට සාර්ථක ප්‍රගතියක් අත් කර දෙමින් අලෙවි වෙමින් පවතී.

ගෘහස්ථ සහ ආයතිනක අවශ්‍යතා වලට අනුව පාරිභෝගික රුචිකත්වය පරිදි තෝරා ගත හැකි අකාරයට මාදිලි රැසකින් යුතු වායු සමීකරණ  සිංගර් විසින් වෙළද පලට ඉදිරිපත් කරයි.  මීට අමතරව ආයතනික වායු සමීකරණ අවශ්‍යතා සඳහා විසඳුම් ලෙස  පුළුල් කලාපයක් ආවරණය වන ආකාරයට (Central Air Conditioning) වායු සමීකරණ විසඳුම්  ද සිංගර් විසින් හඳුන්වා දී තිබේ.

මෙරට වායු සමීකරණ වෙළද පල ජයගැනීම  පිළිබඳව අදහස් දැක්වූ  සිංගර් ශ්‍රී ලංකා හි වෙළඳ අධ්‍යක්ෂ කුමා සමරසිංහ මහතා  පෙන්වා දුන්නේ දේශිය වායු සමීකරණ අලෙවියේ ප්‍රමුඛයින් ලෙස  උසස් තත්වයේ වායු සමීකරණ විසඳුම් රැසක් හඳුන්වා දීමට සිංගර් සමාගමට හැකිව ඇති බවයි. මේ අනුව පාරිභෝගිකයාට සිය කැමැත්ත පරිදි සිය අවශ්‍යතාවට ගැලපෙන වායු සමීකරණ තෝරා ගැනීම සඳහා  වඩා නම්‍යශීලි සේවාවක් සැපයීමට තම සමාගම සූදානම් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමා සමරසිංහ  මහතා සඳහන් කළේ  වගකිව යුතු  සමාගමක් ලෙස  ජාතික වගකීම පෙරටු කර ගනිමින් බලශක්ති පිරිමැසුම් දායක පරිසර හිතකාමී  නවතම වායු සමීකරණ විසදුම් හඳුන්වා දීමට සිය සමාගම කටයුතු කර ඇති බවයි. තවද කාලීන අවශ්‍යතාව අනුව  බලශක්තිය පිරිමසින ඉන්වර්ටර් තාක්ෂණය ඔස්සේ සිසිලස ලබාදෙන (R32, R410a)වායු සමීකරණ විසඳුම් තම සමාගම මඟින් අලෙවි කරන බව හෙතෙම කියා සිටියේය.  සිංගර් R32, R410a මාදිලි අවම බලශක්තියකින් උපරිම කාර්යක්ෂමතාවක් සහිතව ක්‍රියාත්මක වන බවත් මිහිතලය උණුසුම් වීම සහ බලශක්තිය ප්‍රභවයන් හීන වීම වැනි ප්‍රබල පාරිසරික ගැටළු සඳහා වන විසඳුම් සහිතව එ්වා නිපදවා ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

සිංගර් විසින් වායු සමීකරණ සදහා සුවිශේෂි  අමතර සේවා රැසක්  පිරිනමයි.  නොමිලේ සිදුකෙරෙන ස්ථානීය පරීක්ෂාව සඳහා වායු සමීකරණ ක්ෂේත්‍රයේ පළපුරුදු  සේවා නියෝජිතයින් යොදවන අතර ඔවුන් විසින් සිදුකරන ස්ථානීය පරීක්ෂාවකින් අනතුරුව පාරිභෝගිකයාට ගැලපෙන විසඳුම් යෝජනා කරනු ලබයි. මෙම පරීක්ෂාවෙන් පසු  පාරිභෝගික එකඟතාව මත සිංගර් හි තාක්ෂණික කණ්ඩායම විසින් වායු සමීකරණ යන්ත්‍ර නොමිලේ අදාල ස්ථානයට ප්‍රවාහනය කර සවිකරදීම සිදුකරනු ලබයි.  එලෙස සවි කිරීමෙන් පසු සිංගර් විසින්  වාර 3ක් දක්වා නොමිලේ වෘත්තීමය සේවා පහසුකම් සිංගර් විසින් සපයනු ලබයි. තවද පාරි‍භෝගිකයින්හට විශේෂ වට්ටම්, සිංගර් පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම , ක්‍රෙඩිට් කාඩ් හා විශේෂ පහසුකම් යටතේ වායු සමීකරණ යන්ත්‍ර ලබාගත හැකි  වීමද විශේෂත්වයකි.

විශ්වසනීය වගකීමේ සහතිකය සහ අසමසම සේවා පහසුකම් සමඟ  සිංගර් වායු සමීකරණ යන්ත්‍ර  පාරිභෝගිකයා වෙත පිරිනමයි. මීට අමතරව සිංගර් සමාගම උසස් තත්වයේ ජාත්‍යන්තර සන්නාම රැසක්ද මෙරට පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කර තිබේ.  සිංගර් සමාගම සතු දිවයින පුරා පිහිටි 450 කට අධික අලෙවි සැල් මඟිින්  සිංගර් වායු සමීකරණ යන්ත්‍ර මිලදී ගත හැක.

Rate this item
(0 votes)