April 24, 2024

පෞද්ගලීකරණය සම්බන්ධයෙන් පැතිරී යන කටකතා මහජන බැංකුව මුළුමනින් ම ප්‍රතික්ෂේප කරයි

මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීම ගැන පැතිරී යන කටකතාවල කිසිදු පදනමක් නොමැති බවත්, එම කටකතා මහජන බැංකු පනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා සමඟ කිසිදු ගැලපීමක් නොමැති බව දක්වමින් මහජන බැංකුව එම කටකතා සියල්ලම මුළුමනින් ම ප්‍රතික්ෂේප කර සිටි.

පැතිර යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ නිස්සංක නානායක්කාර මහතා පවසා සිටියේ 2018 වසරේ ජූලි 09 වැනි දින නිකුත් කරන ලද මහ බැංකු පනත සංශෝධන කෙටුම්පතේ මුලික අරමුණු 2කි. පළමු මහජන බැංකු පනතේ 12 වැනි වගන්තියෙන් ප්‍රකාශිතව තිබූ ව්‍යවස්ථාපිත ප්‍රාග්ධන සීමාව ඉහළ නංවා ගැනීමයි. මේ ආශ්‍රයෙන් කිව යුත්තේ මහජන බැංකු පනතේ අනිකුත් වගන්ති ප්‍රකාරව ප්‍රාග්ධනය සැපයීය හැක්කේ ශ්‍රී ලංකා රජයට පමණක් බවයි. දෙවැන්න, මහජන බැංකු පනතේ 20,21 සහ 43 වැනි වගන්ති සංශෝධනය කොට තම නියාමන අවශ්‍යතා සඳහා ණයකර නිකුත් කිරීම මඟින් ව්‍යාපාර කටයුතු තව දුරටත් වර්ධනය කර ගැනීමයි. මෙය අනෙකුත් රාජ්‍ය බැංකු ද දැනටමත් අනුගමනය කරන ක්‍රියාමාර්ගයකි.

ඒ මහතා තව දුරටත් සඳහන් කරේ මහජන බැංකුවේ තනි අයිතිය ශ්‍රී ලංකා රජය සතුවන බව සඳහන් වන 1961 අංක 29 දරණ මහජන බැංකු පනතේ 13 වැනි වගන්තිය කිසිදු අයුරකින් සංශෝධනයට ලක්නොවන බවද මෙහිදී අවධාරණය කළ යුතුය. ඒ අනුව ශ්‍රී ලංකා රජය හැර වෙනත් කිසිදු පාර්ශවයකට මහජන බැංකුවේ කොටස් නිකුත් කිරීමක් සිදුවන බවට පැතිර යන කටකතා මුළුමනින්ම පදනම් විරහිත වේ. මින් මනාව පැහැදිළි වන්නේ මහජන බැංකුවේ තැන්පත් කරුවන් වෙත හෝ කාර්ය මණ්ඩලය වෙත හෝ කිසිදු කොටස් නිකුත් කිරීමක් සිදුනොවන බවත් ණයකර නිකුත් කිරීමක දී එම ණයකර කොටස් බවට පරිවර්තනය වීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් ය.

මහජන බැංකුවේ ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යධිකාරී රසිත ගුණවර්ධන මහතා සඳහන් කළේ සර්ව ආර්ථික බලපෑම හේතු කොටගෙන සමස්ත බැංකු ක්ෂේත්‍රයේ ම අක්‍රමික ණය ගණයට මාරුවෙන ණය ශේෂයන් හී වර්ධනය දක්නට ලැබෙන අතර ඒ හේතුවෙන් ඉපැයීම වර්ධනය කර ගැනීමද අභියෝගයක් වී ඇත. තම අනිකුත් තරගකරුවන් සේම මහජන බැංකුවේ දළ අක්‍රමික ණය අනුපාතිකය 2014 වසර අග පැවැති 1.87% සිට, 2018 අගවන විට 2.49 ප්‍රතිශතය දක්වාත් පසුගිය 2019 මාර්තු 31 වන විට 2.9 ප්‍රතිශතය දක්වාත් වර්ධනය වී ඇත. මේ මුළු බැංකු ක්ෂේත්‍රයේ සාමාන්‍ය (2017 වසර අග 2.5%, 2018 වසර අග 3.42%, 2019 මාර්තු 31 4.23%) හා සංසන්දනාත්මකව ගත්කළ මහජන බැංකුව දළ අක්‍රමික ණය අනුපාතිකය පැවතියේ ඊට සාපේක්ෂව පහළ මට්ටමකිනි.

පසුගිය දෙවසර තුළ බැංකුව විසින් ගෙවන ලද ලාභංශ පිළිබඳව කරුණු දැක්වූ ඒ මහතා සඳහන් කරේ 2017 සහ 2018 වසරවලදී මහ භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදල වෙත මහජන බැංකුව විසින් පිළිවෙළින් රුපියල් බිලියන 5.22 සහ සහ රුපියල් බිලියන 3.42ක් ලෙස ලාභංශ ගෙවා තිබේ මහජන බැංකුවේ බදු පසු ලාභයේ ප්‍රතිශතයක් ලෙස ගත්කළ මෙම ලාභංශ ගෙවීම් පිළිවලින් 28 ප්‍රතිශත සහ 20.0% ක් වශයෙන් සටහන් වේ. මෙයින් පිළිඹිබු වන්නේ මහජන බැංකුවේ ඉපැයීම් රඳවා ගැනීම සැලකිය යුතු බවකින් ඉහළ ගොස් ඇති බවත් බැංකුවේ සම්පුර්ණ ලාභය රජයේ ඒකාබද්ධ භාණ්ඩාගාර අරමුදලට බැර නොවන බවත්ය.

මුළු වත්කම්, තැන්පතු සහ ගනුදෙනුකරුවන් වෙත ප්‍රධානිත අත්තිකාරම් සැලකු විට, මහජන බැංකුව අප රටේ දෙවන විශාලතම මූල්‍ය සේවා සපයන්නා වේ. මූල්‍ය ක්ෂේත්‍රයේ සුවිශාලතම ශාඛා ජාලය මහජන බැංකුව සතුවේ. 2018 දෙසැම්බර් 31 අවසන් වූ මුල්‍ය වර්ෂය වෙනුවෙන් බැංකුවේ ඒකාබද්ධ මුළු මෙහෙයුම් ආදයම් සහ බදු පෙර ලාභය පිළිවලින් රුපිලයන් බිලියන 94.5ක් සහ රුපියල් බිලියන 31.16ක් විය. එම වසර අවසානය වන විට ප්‍රධානිත ඒකාබද්ධ ශුද්ධ අතිකාරම් ප්‍රමාණය පසුගිය වසර සාපේක්ෂව 23.8% කින් වර්ධනය කරගෙන ඇති අතර එම ඒකාබද්ධ තැන්පතු ප්‍රමාණය 14.5% කින් වර්ධනය කිරීමට සමත් වී ඇත.

Rate this item
(0 votes)