April 20, 2024

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් අලෙවි නියෝජිත අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් වෛද්‍ය කදවුරක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ජීවය බදු අලෙවි නියෝජිත හා අලෙවි සහයක මහත්ම මහත්මීන් උදෙසා නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාදීමේ වෛද්‍ය කදවුරු මාලාවේ දෙවන වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේදී ඊයේ (30) පැවැත්විය.

වසරේ දින වැඩිම ගණනක් තම ශරීර සෞඛය ගැන හෝ නොතකා නොයෙක් රෝගාබාධයන්ගෙන් පීඩා විදිමින් ලොතරැයි අලෙවියෙහි යෙදෙන බහුතරයක් වූ අලෙවි නියෝජිත අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් නොමිලේ වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීම එහිදී සිදුවිය.

මෙම වැඩසටහනෙහි පළමු අවස්ථාව කොළඔ දිස්ත්‍රික් අලෙවි නියෝජිත හා අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පසුගිය වසරේදී ක්‍රියාත්මක කළ අතර එම අවස්ථාව සදහා 400කට ආසන්න පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා සහභාගී විය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දීප ව්‍යාප්තව සිදුකිරීමට අපේක්ෂිත මෙම වැඩසටහනෙහි දෙවන අවස්ථාව වූ ගාල්ල දිස්ත්‍රික් වෛද්‍ය කදවුර සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිත අලෙවි සහයක මහත්ම මහත්මීන් 400කට ආසන්න පිරිසක් සහභාගී විය.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා සහකාර සාමාන්‍යාධිකාරී විකුණුම් සුනිල් ජයරත්න මහතා කළාප කළමනාකරු කමල්සිරි මහතා ඇතුළු පිරිස සහභාගී විය.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 July 2019 18:24