March 29, 2024

ශ්‍රී ලංකාවේ ඇඟලුම් සමාගමක් සහතිකලත් 'Net Zero Carbon' තත්ත්වය හිමිකරගත් ලොව ප්‍රථම සමාගම බවට පත්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් සමාගමක් වන  Brandix හි මඩකලපුව කර්මාන්තශාලාව ලොව ප්‍රථම  'Net Zero Carbon'  තත්ත්වය හිමි නිෂ්පාදන කර්මාන්තශාලාව බවට පත්වීමට සමත් වී ඇත. මින් අදහස් වන්නේ, ප්‍රශස්ත බලශක්තිය පරිභෝජනය සහ පරිශ්‍රය තුළ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය තුළින්, සිය කාබන් ඩයොක්සයිඞ් විමෝචනය මගින් ඇතිවිය හැකි පාරිසරික බලපෑම මුළුමනින්ම උදාසීන කිරීමට අදාළ කර්මාන්තශාලාව සමත් වී ඇති බවයි. 

'World Green Building Council' හි පිළිගැනීම හිමි ‘Net Zero Carbon’  සහතිකකරණය පිරිනමනු ලබන්නේ  'Leonardo Academy'  නම් ආයතනය මගිනි. ලොව පුරා සමාගම් හා ආයතන තම ව්‍යාපාරික කටයුතු මගින් පරිසරයට එල්ලවන බලපෑම් අවම කිරීම සඳහා ක්‍රම සොයමින් සිටින පසුබිමක මෙම සහතිකකරණය හඳුන්වා දී තිබේ.

තම සෘජු පාලනය යටතේ පවතින සියලුම කර්මාන්තශාලා 2023 වසර වන විට 
 Net Zero carbon  මට්ටමට රැගෙන එන බවට  Brandix    සමාගම  World Green Building Council  ආයතනය වෙත ප්‍රතිඥා දී තබේ.  Brandix     හි මඩකලපුව කර්මාන්තශාලාව වෙත මෙම තත්ත්වය හිමිවීම මෙම උත්සාහයේ එක් පියවරකි. මෙම ඉලක්කය ළඟාකර ගැනීමට නම් කර්මාන්තශාලා තුළදීම පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කළ යුතු අතර ඒ අනුව දැනටමත් මෙගාවොට් 20 ක පමණ සූර්ය බලශක්තිය සහ ජෛවස්කන්ධ බලශක්තිය භාවිතා කිරීමට සමාගම පියවර ගෙන ඇත. එමෙන්ම බලශක්තිය උපරිම කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම සඳහා පිරිමැසුම්දායක වායු සම්පීඩක, HVAC පද්ධති, මහන යන්ත්‍ර, ආලෝකකරණ පද්ධති සහ ගොඩනැගිලි උපාංග ආදිය භාවිතා කිරීමට සමාගම කටයුතු යොදා තිබේ. 

දේශගුණ විපර්යාස සම්බන්ධ එක්සත් ජාතීන්ගේ අන්තර්රාජ්‍ය නියෝජිත මණ්ඩලය පවසන්නේ 2030 වසර වනවිට ගෝලීය මට්ටමින් කාබන්ඩයොක්සයිඞ් විමෝචනය 45% කින් අඩු කළ යුතු බවයි. එමෙන්ම පරිසරයට බරපතළ බලපෑමක් ඇතිවීම වළක්වා ගැනීමට නම් 2050 වසර වන 
 ‘Net Zero’ තත්ත්වයට ළඟා විය යුතු බව ඔවුහු පෙන්වා දෙති.
Rate this item
(0 votes)