March 28, 2024

ලොතරැයි ඉතිහාසයේ ප්‍රථම වතාවට DLB ලොතරැයි නිල ප්‍රතිඵල ජංගම දුරකථනයට (VIDEO)

ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ ප්‍රථම වතාවට ලොතරැයි නිල ප්‍රතිඵල ජංගම දුරකථනය ඔස්සේ ලබා දීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සැලසුම් කර තිබේ.

මැයි 24 වනදා සිට එදිනෙදා දිනුම් අදිනු ලබන සෑම ටිකට් පතකම ජය අංක ඇතුලත් ප්‍රතිඵල ජංගම දුරකතනය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම දැන් ක්‍රියාත්මකය.

ඒ සඳහා පාරිභෝගික ඔබ කළ යුත්තේ ඔබේ ඩයලොග් ජංගම දුරකථනයෙන් DLB ලෙස ටයිප් කර 7272ට කෙටි පණිවිඩයක් එවීම පමණයි. 

මෙම ක්ෂණික සේවාව මැයි 24 වනදා සිට ඕනෑම මොහොතක අදාළ කෙටි පණිවිඩය යොමු කර ලියාපදිංචි වී මෙම සේවාවේ හිමිකරුවකු වන ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය පාරිභෝගික සැමට ආරාධනා කර සිටිති.

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 May 2019 15:05