April 18, 2024

ත්‍රස්තවාදයට ඔබව උදුර ගන්න ඉඩතියන්න එපා !!!

ත්‍රස්තවාදී ක්‍රියා නිසා නිසා සිදුවන හානි ආවරණය කෙරෙන රක්ෂණාවරණය ගැන ඔබ දන්නවාද?

බිහිසුණු ත්‍රස්තවාදයේ අඳුරු කාල පරිච්ඡේදයක් අවසන් වීමෙන්පසු නිදහස, සාමය හා බලාපොරොත්තු සමඟ ගෙවුණු දසවසරකට පසු පසුගියදා සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව ඔබ වෙත ඇති කළ කම්පනය අපට වටහා ගන්නට පුළුවන්. වටිනා මනුෂ්‍ය ජීවිතවල අනියත බව මෙන්ම අමාරුවෙන් ගොඩනගාගත් දේ සැනෙකින් විනාශ වී ගොස් මිනිස්සු අනාථ බවට පත්විය හැකි බවද අපට පසක්කර ගත හැකිය.

රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ මට්ටමේ සමාගමක් වන පීපල්ස් ඉන්ෂුවරන්ස් ත්‍රස්තවාදී ක්‍රියා නිසා සිදුවන අලාභ ආවරණය වන රක්ෂණ පිළිබඳ ඔබ දැනුම්වත් කිරීමට අදහස් කළේ මෙම සුවිශේෂ රක්ෂණාවරණය මඟින් ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ඔබගේ දේපළට සිදුවන හානි සඳහා රක්ෂණ වන්දි මුදලක් ලබා ගත හැකි බැවිනි. ඔබගේ නිවාසයට, කාර්යාල පරිශ්‍යට, ව්‍යාපාරික ස්ථානයට, වාහනයට සිදුවන ආපදාවන් සඳහා මෙම රක්ෂණය ලබාගත හැකිය.

පුද්ගලිකව ඔබ ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් නොවුණත් අවට සිදුවන පිපිරීම් වැනි දෑවලින් ඔබ සතු දේපළට හානි සිදුවිය හැකි බව විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. මෙසේ බිලිවන්නේ සමහර විට ඔබ ජීවිත කාලයම වෙහෙස වී එක්කළ වත්කම් විය හැකිය.

ඔබ සතු දේපළ ආවරණය කරමින් රක්ෂණය වෙළෙඳපොලින් ඔබ ලබාගන්නා මූලික රක්ෂණ යටතේ කැරලි කෝලාහල හෝ ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා සිදුවන අලාභ ආවරණය නොවේ. ත්‍රස්තවාදී උවදුරක් සඳහා වන වන්දි ලබාගැනීමේ රක්ෂණාවරණයක සඳහා ඔබට ඉතාම පහසුවෙන් සම්බන්ධ විය හැකිය. ඔබ ලබා ගන්නා ඕනෑම රක්ෂණාවරණයකදී ඒ සඳහා වන අයදුම්පත පුරවන අවස්ථාවේ එහි අඩංගු “ත්‍රස්තවාදය සඳහා වන රක්ෂණාවරණය අවශ්‍ය වේ ද?” යන ප්‍රශ්නය සඳහා “අවශ්‍ය බව” සඳහන් කිරීමෙන් මේ සඳහා ඉල්ලුම් කළ හැකියි. එයට අමතරව එම රක්ෂණාවරණය ලබාගැනීම සඳහා ඔබ විසින් “කැරලි කෝලාහල සඳහා වන රක්ෂණාවරණය” ලබාගෙන සිටීම අනිවාර්යය වේ. එමඟින් යම් පුද්ගල කණ්ඩායමක් විසින් කැරලි කෝලාහල අවස්ථාවකදී ඔබගේ දේපලකට, වාහනයකට පහරදුන් පසු ඒ සඳහා වන රක්ෂණය වන්දි මුදල් ද ලබාගත හැකිය.

“ත්‍රස්තවාදී ක්‍රියාවක් යනු බලය හෝ ප්‍රචණ්ඩ ක්‍රියා භාවිත කිරීම හෝ එවැනි ක්‍රියාකරනු ලබන බවට බියගැන්වීම් ඇතුළු, එහෙත් ඒවාට සීමා නොවෙන පුද්ගලයෙකු විසින් හෝ පුද්ගල සමූහයක් විසින් තනිවම හෝ වෙනත් සංවිධානයක (සංවිධානවල) හෝ රාජ්‍ය සම්බන්ධවීමෙන්, දේශපාලනික, ආගමික, මතවාදී හෝ යම් අරමුණක් වෙනුවෙන් රජයකට බලපෑම් කරනු සඳහා හා/හෝ මහජනයාට හෝ ඉන් කොටසක් බියට පත්කරනු සඳහා කරන ක්‍රියාවන්ය.

යම් පිරිසක් හා රජයේ හමුදා අතර ගොඩබිම, මුහුදේදී හෝ ගුවනේදී ඉහත සඳහන් ක්‍රියාවක් පාලනය, වැළැක්වීම, මැඩපැවත්වීම සඳහා කරන ඍජු හෝ වක්‍ර ක්‍රියාවන් හේතුවෙන් සිදුවන අලාභයක්, හානියක්, පිරිවැයක් හෝ වියදමක් ද ත්‍රස්තවාදය යන නිර්වචනය යටතට ගැනේ”

දැනට ජාතික රක්ෂණය භාරකාර අරමුදල යටතේ පාලනය වන කැරලි කෝලාහල හා ත්‍රස්තවාදී ක්‍රියා රක්ෂණ අරමුදල මඟින් ලබාදෙන මෙම ආවරණය පීපල්ස් ඉන්ෂුවරන්ස් හරහා ලබාගැනීම සඳහා 0112-206306 ඇමතීම හෝ www.peopleinsurance.lk වෙබ් අඩවියට පිවිසීම කළ හැකිය.

Rate this item
(0 votes)