April 19, 2024

අද කෝටිපති ලොතරැයියේ තවත් කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙක්ට ත්‍යාග පිරිනැමේ

වෙළදපලට නිකුත් කර වසර දෙකක් ගතවීමටත් මත්තෙන් කෝටිපතියන් 16 දෙනෙක් බිහිකළ අද කෝටිපති ලොතරැයියේ 15 වන සහ 16 වන කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනාට හිමි චෙක්පත් පිරිනැමීම ඊයේ (15) දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

එහිදී ‘අද කෝටිපති’ 570 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.52,325,750 ක මුදල දිනාගත් ගම්පොල ජේ.ජී..කේ.සේනාරත්න මහතාට සහ ‘අද කෝටිපති’ 605 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.59,655,585 ක මුදල දිනාගත් ගොකරැල්ල එම්.ජී. රත්නායක මහතාට අදාළ චෙක්පත පිරිනමන ලදී.

තවද ‘ලග්න වාසනාව’ 2502 වන වාරයේ රු.3,333,224 ක් වූ සුපිරි ජයමල්ල සහ 2505 වන වාරයේ රු. 2,215,276 ක සුපිරි ජයමල්ල දිනාගත් ජයග්‍රාහකයින්ටද අදාළ චෙක්පත් හිමිවූ අතර ඔවුන් සමගින් තවත් දස ලක්ෂයේ ජයග්‍රාහකයින් විසි හත් දෙනෙක් සදහා අදාළ චෙක්පත් පිරිනැමීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර එම අවස්ථාව සදහා ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතාද සහභාගී විය.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 May 2019 17:05